ඊයේ (25) වනදා ප්රිමන් සමල්ක නමැති 19 වියැති තරුණයෙකු ඔහු ගමන් කළ යතුරු පැදියේ ගමන්කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්වී ජීවිතයෙන් සමුගත් පුවතක් කෝන්ගොඩමුල්ල -පිටියමුල්ල ප්‍රෙද්ශයෙන් වාර්තා වුණි. මෙම තරුණයා එදින සීදුව ප්‍රෙද්ශයේ කඨින පිංකමක වෙස් නැටුමකට සහභාගී වී අවසන නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුට නින්ද යාම හේතුවෙන් යතුරු පැදිය පාරෙන් ඉවතට පැන විදුලි කණුවේ වැදී ඇති බවයි.
මීගමුව සාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ප්රිමන් සමල්ක සිය ජීවන ගමන්මගේ සුවිශේෂී කඩඉමක් වූ උසස් පෙළ විභාගය මෙම වසරේ ලියා අවසන් කර ඇති අතර එක් විෂයක් ලෙස නර්තනය හදාරා තිබේ. නර්තනය විෂය වෙනුවෙන් පැවැත්වුණ ප්‍රාෙයා්ගික විභාගයටද පෙනී සිට වැඩි දවසක් යන්නට මත්තෙන් ඔහු මුහුණදුන් මේ ඉරණම ශෝකජනක සිදුවීමකි. වාර්තා වන අන්දමට ප්රිමන් ගමේ දේවස්ථානයේ ගායනා කණ්ඩායම ද නියෝජනය කරන අතර දහම් පාසල් වැඩකටයුතු වල මෙන්ම ළමා සමාජ මට්ටමේ සිටම ක්‍රියාශීලී තරුණයෙකි. එමෙන්ම සිය මිතුරන්ට ද වඩාත් ලබැදි තරුණයෙකු බව ඔහු වෙනුවෙන් ශෝක වන මිතුරන් පවසති.