තවමත් කෑවේ නැත්තම් , දැන්වත් කාලා බලමු ෆ්‍රයිඩ් මඤ්ඤොක්කා

0
307

මඤ්ඤොක්කා අපි කවුරුත් කන්න කැමති රස ම රස කෑමක්. තම්බලා එක්කෝ පොල් සම්බෝල එක්ක ,පොල් එක්ක එහෙම නැතිනම් මිරිස් හොද්දක් එක්ක හරි කන්න අපි කවුරුත් කැමතියි. ඒවගේමයි මඤ්ඤාක්කා පෙති බැදලා එහෙම නැත්නම් කූරු කූරු හැඩයට කපලා බැදපු මඤ්ඤොක්කා චිප්ස් කන්නත් කවුරුත් කැමතියි. හැබැයි අද අපි ඔයාලට කියන්න යන්නේ මඤ්ඤොක්කා වලින් හදන තවත් රසවත් කෑමක් ගැන විස්තරයක්.මේකට අපි නම් කියන්නේ ප්‍රයිඩ් මඤ්ඤොක්කා කියලා. සමහර අය මේකට තවත් නම් කියනවා ඇති. සමහර වෙලාවට බොහෝ දෙනෙක් මේවායේ රස දැනටමත් බලලා ඇති. ඒ අතර මේවයේ රස තවමත් නොබලපු අයත් ඇති.
සාමාන්‍යයෙන් හොඳ මඤ්ඤොක්කා අල අරගෙන සුද්ද කරලා කපලා හෝදලා පිරිසිදු ගැඹුරු තෙලේ බැඳගෙන තෙල් බේරුනාට පසුව, මිරිස්කුඩු, කෑලි මිරිස් , ලුණු කුඩු සහ බැදපු රන්පේ කරපිංචා දාලා රස කරගන්නවා. ඉතින් මේ විදිහට හරිම ලේසියෙන් සහ ඉක්මනට මේ ප්‍රයිඩ් කරපු මඤ්ඤොක්කා හදාගන්න පුළුවන්.
ඉතින් මේවා ප්‍රධාන ආහාර වේලකට ව්‍යාංජනයක් විදිහට එක් කරගන්නත් පුළුවන්. ප්‍රධාන ආහාර වේලකට අමතරව එන පොඩි බඩගින්නකට කන්න වුනත් පුළුවන්. ඉතින් උදේ දවල් , හවස ,රාත්‍රී, වාගේ දවසේ ඕනෑම වෙලාවක ප්‍රයිඩ් මඤ්ඤොක්කා ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේමයි ෆ්‍රයිඩ් මඤ්ඤොක්කා කියලා කියන්නේ බයිට් එකක් එහෙම නැත්නම් කටගැස්මක්. ඒ නිසාම යාලුවෝ ,හිතවතුන් එක්ක නොඑසේ නම්, ඥාතීන් පිරිසක් එක්ක හරි සෙට් වුණු වෙලාවට ප්‍රයිඩ් මංඤොක්කා බයිට් එකක් විදියට ගන්නත් පුළුවන්.
මඤ්ඤොක්කා කියලා කියන්නේ ශරීරයට කිසිම අගුණයක් නැති ආහාරයක් කියලා අපි හැමෝම දන්නවා. අධික පිෂ්ඨය සහිත ආහාරයක් වන මඤ්ඤොක්කා වල මාරාන්තික පිළිකා සෛල විනාශ කරන ගුණයක් තියෙනවා කියලා මතයකුත් තියෙනවා.
අපි මේ කියන ප්‍රයිඩ් මඤ්ඤොක්කාා මීගමුව නගරයේ නම් කිහිප තැනකම ඇති. හැබැයි ප්‍රයිඩ් මඤ්ඤාක්කා රහටම කන්න ඕනේ නම් යන්න ඕනෙ රාජා ගේ කඩල කඩේට තමයි. මීගමුවේ CIB බිල්ඩිම ළඟ තියෙන රාජාගේ කඩල කඩේ නම් මීගමුවට යන එන සියලු දෙනාම පාහේ දන්න තැනක් . ෆ්‍රයිඩ් මඤ්ඤොක්කා විතරක් නෙමෙයි විවිධ ජාති වලින් යුත් රටකජු වර්ග මික්ස් බයිට් කඩල වගේ දේවල් එතන තවත් ඕන තරම් තියෙනවා. ඉතින් හුඟක් අය රාජා ළඟට එන්නේ එයාගේ කඩේ තියෙන බඩු අනිත් තැන්වලට වඩා පිරිසුදු නිසාත් ඒ වගේම ඒවායේ මිල ගණන් බොහෝම සාධාරණ නිසාත් , එතනින් ගන්න දේවල් අන් තැන්වලට වඩා රසිනුත් වැඩි නිසයි. ඉතින් රාජා නම් කියන්නේ වෙන රටකජු, කඩල වගේ දේවල් දවස් ගානක් තියාගන්න පුළුවන් වුනාට මේ ප්‍රයිඩ් මංඤොක්කා තියාගන්න පුළුවන් වෙන්නේ එක දවසයිලු.
මීට කලින් ඔයාලා ප්‍රයිඩ් මඤ්ඤොක්කා කාලා රස බලලත් ඇති, ඒ වගේම ප්‍රයිඩ් මඤ්ඤොක්කා වල රස මෙතෙක් නොබලපු අයත් ඇති. ඉතින් රස බලපු අයටයි, මෙතෙක් රස නොබලපු අයටයි ,අපි මේ දෙගොල්ලන්ටම ආරාධනා කරනවා මීගමුවේ CIB බිල්ඩිම ගාව තියෙන රාජාගේ කඩල කඩෙන් ප්‍රයිඩ් මඤ්ඤොක්කා වල රස බලන්න එන්න කියලා.

තුසාර රොහාන්