තාත්තා ගැන මතකය ……

0
339
තාත්තා මියගොස් අදට හරියටම වසර 23 කි.
2001 මාර්තු 21 වෙනිදා උදෑසන කළපුවේ රැකියාව කර පැමිණීමෙන් අනතුරුව දහවල් කාලයේ මුහුදෙන් ගොඩට අදිමින් තිබූ මාදැලට උදව් කිරීමට ගිය අතරතුර හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා තාත්තා මුහුදු වෙරළේ ඇදවැටී මිය ගියේය.
මුහුදු වෙරළේ ඉපිද, මුහුදෙන්ම ජීවත්වූ තාත්තා මුහුදු වෙරලේම මිය ගියේ ඔහුට වසර 67ක්වී තිබූ විටය.
එය කෙනෙකුට මිය යායුතුව ඇති වයසක් නොවේ. ඉතා හැඩිදැඩිව, නිරෝගීව, කඩිසරව තම රැකියාව කරමින් සිටි තාත්තා එසේ හදිසියේ මිය යාම මටත් මගේ පවුලේ කිසිවෙකුටත් අදහා ගත නොහැකි දෙයක් විය.
අපේ තාත්තා මරණය ගැන නිතර නිතර සිහිපත් කළේය.
විටෙක ඔහු නොමැති අඩුව මට තදින් දැනෙයි. එහෙත් ඔහුගේ මරණය හෝ වියෝව ගැන මට දුක්වන්නට නම් හේතුවක් නැත. මන්ද ඔහු , තමා මැරෙන බව දැනගෙන ජීවත්වූ කෙනෙකි.
ඔහු දෙවියන් ගැන ලොකු විස්වාසයකින් ජීවත් වූ අතර මරිය මව්තුමියට අසීමිත ගෞරවයක් තිබුණේය.
එබැවින් මරිය මව්තුමිය අභියස තාත්තේ ඔබට සදා මොක්සුව ලැබේවායි මෙසේ සටහන් කරමි.
(මා දැල් අදිමින් සිටියදී මිය ගිය තාත්තා මට අද සෙත්තප්පාඩුව මුහුදු වෙරළේ දී මා දැල් අදින ධීවර සහෝදර සහෝදරයන් දැකීමෙන් දහස් වතාවක් සිහිවිය.
මේ ඡායාරූප සියල්ල අද මුහුදු වෙරළේ දී ගනු ලැබූ ඒවාය)
අශානෝ
2024.03.21.