තානායමක් තුළ පෙම්වතියක් මියයයි ?

0
93

පෙම් යුවලක් පමුණුගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුල කාලය ගත කරමින් සිටියදී පෙම්වතිය කාමරය තුලදී මිය යාෙමි පුවතක් පමුණුගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි
කාලයක් සිට දැන හදූනා ගැනීමකින් පසු ප්‍රේම වන්තයන් ලෙස කාලය ගත කරන වකවානුව තුලදී කීප වතාවක්ම මෙම ලැගුම් හලට ගොස් ඇති අතර ඉකුත් 16 දිනයෙත් සුපුරුදූ පරදි ලැගුම්හලේ කාලය ගත කරමින් සිටියදි එක වරම අසනීපවිමක් හේතුවෙන් හෝටලයේ කළමණාකරු සමග පමුණුගම රෝහලට රැගෙන ගොස් පසුව වැඩිදූර ප්‍රතිකාර ගැනීම සදහා රාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඇයව මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සිදුවීමට සැක පිට පෙම්වතා අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදූර පරික්ෂන පමුණුගම පොලිසිය විසින් සිදූ කරනු ලබයි.


ප්‍රියප්‍රේම මාණික්කරත්න