තැබැරුම්වත්තට තේරුමක් නැතිව යටකළ මිලියන 15ට වගකියන්නේ ඇමති ලංසාද ??

0
100

ngiht b4night b 2night b 1මීගමුව රාත්‍රිපොල ඉදිකරන්නට යැයි කියමින් කඩිමුඩියේ මීගමුව නගර මධ්‍යයේ පිහිටි තැබැරම්වත්තේ තට්ටු ගොනැගිල්ලක් ඉදිකිරිම සදහා කොත්ත්‍රාත්කරුවන් හට පවරා තිබුණි.
ආර්ථික කටයුතු අමාත්‍යංශයේ දෙන්නම් කාසි ව්‍යාපෘතියක් වු මේ සදහා ඇමති ලංසා වගකිම් දරු පළාත් බල ප්‍රවාහන අධිකාරිය විසින් එහි මුලික මුදල් යොදවා තිබුණි.
මීගමුව නගර මධ්‍යයේ පිහිටි කැල්ටන් හෝටලය පිටුපස ඇති හිස් ඉඩම හදුවන්වනු ලබන්නේ තැබැරම්වත්ත ලෙසිනි.
මුලින්ම තට්ටු දෙකකට යැයි කියමින් ඇරඹි මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් අතිදැවැන්ත මුදලක් යටකරමින් අත්තිවාරම් දැමු පසු යළිත් ඇමති නිමල් ලංසා උපදෙස් දි තිබුනේ එය තනි තට්ටුවට සාදන ලෙසය.
මෙහි තාක්ෂණික උපදෙස් භාරව සිට ඇත්තේ DCL නම් වු සමාගමකි.
කෙසේ වෙතත් කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු මගින් සිදුකරන ලද මේ ඉදිකිරිම් දැන වල් වැදි යමින්තිබේ.
එපමණක්ද නොව නගර මධ්‍යයේ දුරාචාරය පතුරුවන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවටද පත්ව ඇත්තේය.
වාර්තා වන අන්දමට මෙහි අස්තමේන්තු ගත මුදල ලක්ෂ 1000 ඉක්මන්නකි.
ඒසා විශාල මුදලක් වැය කරන්නට බලාපොරොත්තුවන ව්‍යපෘතියක් කිසිදු සැලැස්මක් නැතිව කරන්නට යාම නිසා මේ වනවිට මහජන මුදල් මිලියන ගණනක් අපතේ ගොස් තිබේ.
මේ විනාශයට වගකියන්නේ කව්ද ?

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here