තැඹිලි විකිණිම නවතා රැස්විමට එන ලෙස ලංසාලාගෙන් නියෝග ?

0
97

IMG-20191019-WA0055මිගමුවේ පොහොට්ටුවෙි රැස්විමට සෙනග නැති නිසා තැඹිල විකුණන අසරණයන්ටත් ලංසා පවුලෙන් නියෝගදි ඇත්තේ ඒ සියළු කඩ වසා දමා රැස්විමට පැමිණෙන ලෙසය.මේ සදහා මේ වන විටත් පුද්ගලික බස් රථ 20 කට ආසන්න සංඛ්‍යාවක් කඩොල් කැලේ අළුත් පාරේ නවතා තිබේ.එක් අම්මා කෙනෙක් තමන්ගේ තැඹිලි ටික විකුණා ගැනීමට නොහැකි වීම ගැන කල කතාව ඉතා ශෝක ජනකය. “අනේ මහත්තයෝ අපි මොනව කරන්නද . අපිට අද වෙළඳාම් කරන්න එපා කිව්ව . අද ගෝ්‍ඨාභයගෙ රැස්වීමක් තියෙනවනෙ. ඒකට එන්න කිව්වා බස් නවත්තලා තියෙන්නේ අපට යන්නලු.අනේ මහත්තයෝ අපි අසරණයි .”ලංසා පවුලේ අණසක අද මිගමුවේ අසරණයන් වෙත පැමිණ තිබුනේ එලෙසිනි.IMG-20191019-WA0050

තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට ඕනෑම ජරා වැඩක් කිරීමේ හැකියාව මොවුන්ට තිබෙන බව මෙම ක්‍රියාවලින් පැහැදිළිය හිට්ලර් පන්නයේ කටයුතු ගැන උපතින්ම ලබා ඇති මීගමුවේ වර්තමාන පාලකයෝ හැසි⁣රෙන අාකාරයෙන්ම ඔවුන්ගේ ජන පීඩක ස්වරූපය හඳුනා ගත හැක.
අද කඩොල් කැලේ පාර දිගේ නවතා ඇති බස් වලින් මිනිස්සු අකමැත්තෙන් පටවාගෙන ගොස් සෙනඟ පෙන්වා කරන මේ නාඩගම තුළින් මොවුන්ගේ පරාජය දැනටමත් ප්‍රකාශ වන බව පැහැදිළිය .