තිත තියන්නට අසමත්ව ඇති මතට එරෙහි සටන කොයිබටද?

0
122

DSC_1408 (1)පසුගිය ඉරිදා කොළඹ පදවියේ සෑම කතෝලික දේවස්ථානයකම උදේ පූජාවෙන් පසුව පැයක පමණ විරෝධතාවයක් පැවැත්ත්තවීමට අගරදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි සූදානම් කරතිබින. ඒ මත්ද්‍රව්‍ය ප්‍රශ්ණය පදනම් කර ගනිමින්ය.මීගමු නගරයේද කතෝලික පූජකතුමන්ලා මේ සඳහා මැදිහත්වී තිබින. මෙය හොඳ ප්‍රවනතාවයක් බව කිවයුතුය. නමුත් මේ ගැන අප කැමති වුවත් අකමැති වුවත් අවධානය දියයුතු කරුණු ගනනාවක් ඇත.DSC_1407

මේ වනවිට ලංකාව පුරාම මත්ද්‍රව්‍ය භාවිතය නිසා මතුව ඇති ව්‍යසනකාරී ප්‍රශ්ණය ගැන පාසැල් වලත්, කතෝලික පූජකතුමන්ලා අතරත්, පාර්ලිමේන්තුව සහ ජනාධිපති දක්වාත් කථාබහට ලක්වෙයි. ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මත්ද්‍රව්‍ය ප්‍රශ්ණයයි. පොලීසියේ මැදිහත්වීමෙන් වැටලීම් කරමින් විශාල ප්‍රමාණයන්ගෙන් මත්ද්‍රව්‍ය සහ අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් කරයි. පසුගිය දිනවල පොලීසිය සහ පාසැල් ඒකාබද්ධවී ජාතික මට්ටමේ වැඩසටහනක්( හෙට දවස නමින්) දියත් කරන ලදී.

මීගමුව මේ සම්බන්ධව විශේෂ ස්ථානයක් ලෙස දැක්විය හැක. මන්ද පසුගිය කාලය තුළ පොලීසිය මේ සම්බන්ධව ක්‍රියාත්මක වී ඉතා වටිනවා යැයි සඳහන් කරන හෙරොයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තා පමණක් නොව මේ සම්බන්ධව ගම්වල ප්‍රජා පොලිස් ඒකක පිහිටුවා සක්‍රීය මැදිහත්වීමක් කරන ලදී. නමුත් අභාග්‍යක තරම මේ කිසිවකින් මෙම මත්කුඩු ජාවාරමේ අඩුවක් නොමැති වීමය.

නමුත් මේ සඳහා යම් හේතුවක් ඇතැයිද , එම හේතූන් හඳුනා ගත්තද ඒ සඳහා ක්‍රියාත්මක වන්නට අදාල වගකිවයුත්තන් සමත්වී නැතැයිද කනින් , කොනින් ඇසෙන කථාවන්ය. එසේ නැත්නම් මෙම ප්‍රශ්ණය මේ සමාජයෙන් කිසිදා තුරන් කළ නොහැකිද? යනාදී වශයෙන් විවිධ ප්‍රශ්ණ මතුවේ. මෙවැනි ප්‍රශ්ණ පැනනැගීමට පදනම් වූයේ පසුගිය කාලය තුළ මීගමු නගරයේ මත්කුඩු සම්බන්ධව අතට අසුවූ ලොක්කෙකු ගැන කථාකරන විට සමහරු බියපත්වේ. ඒ වගේම එය රහසක්ය. සමහර විට දේශපාලන වේදිකාවේ එය විහිළුවක් බවට පත්වෙයි. අදාල පුද්ගලයන්වද හිනස්සවමින් එකී විහිළුව සමඟ මෙම ජාවාරම් මිනිස් ඇසට නොපෙනී දෛනිකව ක්‍රියාත්මක වෙයි. ‍ ⁣ඇසට නොපෙනුණත් මෙම කුඩු ජාවාරම් වලින් උපදවන කලු සල්ලි සුදුවී මේ නගරයේම විවිධ ආගමික සංස්ථාවන් තුළද සංසරණය වෙයි. මතට එරෙහි වුවද සතුරා අප සමඟම ගැවසෙයි.  ප්‍රශ්ණය සහ උත්තරය අතලඟ තිබුණද මතට අත තියන්නට අප තවමත් සමත්වී නැතිබව පමණක් කීමට ඇත.