තෙමසක් තුල මිගමුවේ කොරෝනා මරණ 23 ක් !

0
68

මීගමුවේ කොරෝනා අවදානම් තත්වය නරක අතට හැරෙමින් තිබේ. පසුගිය අප්‍රෙල් 17 වනදායින් පසුව මේ වන විට මිගමුවේ සිදුව ඇති කොරෝනා මරණ ගණන ඊයේ ( 12) දිනය වන විට 23 ක් බවට පත්ව තිබේ.
ඊට පෙර දිනයේදි ( 11) මිගමුව මුන්නක්කරය සිරිවර්ධන ප්‍රදේශයෙන් මරණයක් වාර්තා වි තිබුන අතර ඊයේ දිනයේ මංකුලිය ප්‍රදේශයෛ් තිස්පස් වියැති එක් දරු මවක් කොරෝනා හේතුවෙන් ජිවිතයෙන් සමුගෙන තිබුනේ කොළඹ පුද්ගලික රෝහලක් තුලදිය.


ඇගේ මවද එම රෝහලේම තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද සැලය.
කොරෝනා පාලනය සදහා ජනාධිපතිවරයා පවා කියා සිටින ප්‍රධාන විසදුම වන එන්නත්කරණය මිගමුව තුල අත්‍යවශ්‍ය ජනකොටස් තෝරාගෙන ක්‍රියාත්මක කරනවා වෙනුවට එය දේශපාලන වාසි ගැනිමට හැකි අයුරින් දේශපාලන අධිකාරියේ මිගමුවේන් පිටපළාත් වල අයටද ලබාදිම නිසා මිගමුවේ ජනතාවට හිමි එන්නත් විශාල ප්‍රමාණයක් මේ වන විටත් පිටින් පැමිණෙන අයවලුන් වෙත ලබා තිබිම සැබැවින්ම බරපතල වරදකි.


මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නි්ලධාරි මේ දැවැන්ත දුෂිත වංචාවට පැහැදිලිවම වගකිවයුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here