රු 25 ක සහනයක් ලබාගැනිමට පියතුමන්ලා සහ ධීවර නියෝජිතයෝ එකඟ වෙති……

0
49

මීගමුවේ බහුතර ජනතාව බලාපොරොත්තු වන්නේ තෙල් මිළ පෙර පැවැති මිලට අඩු කළ යුතු බවය.ඒ ඔවුන්ට කිසිසේත් එය දැරිය නොහැකි නිසාවෙනි.මීගමුවේ ධීවරයන්ගේ මේ අදහස් නියෝජනය කිරිම සදහා ඊයේ කොළඹ පැවැති රැස්විමට සහභාගි වි තිබුනේ මීගමුවේ ධීවර කටයුතු භාරව කටයුතු කරන පියතුමාත් ,වැල්ලවිදය ඒකාබද්ධ ධීවර සංවිධානයේ නියෝජිතයෙක් සහ ලොකු බෝට්ටු හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකි.

එම සාකච්ඡාවෙන් පසු අප අමතා කථා කළ වැල්ලිවිදිය ඒකාබද්ධ සංවිධානයේ නියෝජිතයෙක් පවසා සිටියේ තමන් කිසිසෙත් සලාක ක්‍රමයකට කැමති නැති බවත් ඉන්ධන මිළ පෙර පැවැති තත්වයට අඩු කළ යුතු බවත්ය.මෙම ධීවර විරෝධතාවයේ පළමු දිනයේ උද්ඝෝෂණයට සහභාගි වෙමින් සිටි කතෝලික පියතුමන්ලා විරෝධතාකරුවන් සන්සුන් කරමින් පවසා සිටියේ ධීවරයන්ට අසාධාරණයක් වෙන්නට තමන් කිසිවිටකත් ඉඩ  නොතබන බවයි. එසේ වුවහොත් වෙඩි කන්නට පවා තමන් සුදානම් බවය.

මේ සටහන තැබෙන මොහොතේ මීගමුව මහ නගර සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. ඒ සදහා කතෝලික පියතුමන්ලා සහ ධීවර නියෝජිතයන් කිපදෙනෙක් සහභාගි සිටි බව වාර්ථාවේ. මේ සදහා නගරාධිපති ඇන්ටනි ජයවීර ඇමැති නිමල් ලංසා සහ නියෝජ්‍ය ආමාත්‍ය සරත් ගුණරත්න මහතාද සහභාගිව සිටියහ.

මෙහිදි ගනු ලැබු අවසන් තිරණය වි ඇත්තේ හෙට දින සිට මීගමුවේ ඉන්ධන අලෙවිසැල් වලින් රුපියල් 10 ක් වැඩියෙන් ගෙවා ඉන්ධන මිලට ගතහැකි බවය.

මේ සම්බන්ධයෙන් අප වැල්ලවිදිය ඒකාබද්ධ සංවිධානයේ නියෝජිතයකුගෙන් විමසා සිටි අවස්ථාවේ පවසා සිටියේ හලාවතදි මිය ගිය ධීවරයා වෙනුවෙන් මීගමුවේ ධීවරයන් දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් මුහුදු නොයන්නට තින්දු කිරිමට යන බවය.