තොප්පුව ඇල වෙනස් කරලා, වැරදි කරුට තාමත් නඩු නෑ..??

0
70

කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ගලා බසින තෝප්පුවේ ඇල නමින් හදුන්වන ඇල මාර්ගයේ (බන්ඩි ඇල)එක් ඉවුරක රක්ෂිතය කපා දමා එම ඇල ඉවුර අනවසරයෙන් ගොඩ කර එම ඇල මාර්ගය ගමන් ගන්නා හැඩය වෙනස් කිරීම සඳහා වෙනත් ඇල මාර්ගයක් කැපීමේ නීතිවිරෝධී  සිද්ධියක් පසුගියදා වාර්තා  විය. කොච්චිකඬේ තුෂාර සුපර්මාර්කට් (දැන් භාවිත වන නම ආර්පිකෝ සුපර් සෙන්ටර්) අයතනය ආශි‍්‍රතව පිහිටි මෙම ඇල ඉවුර මෙලෙස අනවසරයෙන් ගොඩ කරනු ලබන්නේ එම සුපර්මාර්කට් ආයතනයේ අයිතිකරුගේ මුලිකත්වයෙන් බව ප‍්‍රදේශවාසීන් පවසති.

ස්වභාවිකව ඇල මාර්ගය ගමන් ගන්නා වංගුවක් සහිත හැඩය මුළුමනින්ම පාහේ වෙනස් කර ඇල මාර්ගයේ ගමන් ගන්නා හැඩය කෙලින් සිටින සේ වෙනත් ඇල මාර්ගයක් පලමු ඇල මාර්ගය අසලින් මෙලෙස නැවත සකස් කර තිබේ. ඉහත සඳහන් කල සියළු කාර්යයන් සියල්ලක්ම පාහේ සිදු වී ඇත්තේ කිසිදු නීතිමය අවසරයකින් තොරව බව ප‍්‍රදේශවාසීහු පවසති.

මෙම ඇල මාර්ගය කටාන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයත් මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් වෙන් කෙරෙන මායිම් ඇල මාර්ගයකි. මෙම ඇල මාර්ගයේ මීගමුව ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඇල ඉවුර කොටසේ පදිංචි ජනතාව මෙම අනීතික කි‍්‍රයාවලිය පිලිබඳව දැඩි සේ සිය විරෝධය පල කර සිටී. ඇල ඉවුර ගොඩ කිරීම සහ වෙනම ඇල මගක් සකස් කිරීමේදී ඒ පිලිබඳව විමසා සිටි ගම්මුන්ට මෙම තුෂාර සුපර්මාර්කට් ආයතනයේ අයිතිකරු පවසා ඇත්තේ මේ සියළු කාර්යයන් සිදු කිරීමට තමා ඒ සඳහා නිසි අවසර ලබා ගෙන ඇති බවයි.

එහෙත් ගම් වැසි පිරිස් මේ සම්බන්ධයෙන් මීගමුව ප‍්‍රාදේහශිය ලේකම් කොට්ඨාශයේ අදාල ග‍්‍රාම නිලධාරිවරිය දැනුවත් කර ඇති අතර මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත කොච්චිකඬේ පොලිස් ස්ථානයේ පරිසර පොලිස් ඒකකයේ මේ අනීතික කි‍්‍රයාවලිය පිලිබඳව පැමිණිල්ලක්ද ගොනු කර තිබේ. ඉන් පසු කටාන ප‍්‍රදේශීය ලේකම්වරයා විසින් කටාන ගොවිජන සේවා මධ්‍යස්ථානයටත් , වාර්මාර්ග දෙපාර්තමේන්තුවටත් , පලාත් වාර්මාර්ග දෙපාර්තමේන්තුවටත් දැනුම් දී තිබේ. මේ අනුව මේ වන විට කොච්චිකඬේ පරිසර පොලිස් ඒකකය මගින් මෙම ගොඩ කිරීම සහ නව ඇල මාර්ගය කැපීමේ කටයුතු නවතා දමා තිබේ.

මෙලෙස ස්වභාවිකව නිර්මාණය වූ පැරණි ඇල මාර්ගය වෙනස් කර වෙනත් ඇල මාර්ගයක් සකස් කිරීමට තුෂාර සුපර්මාර්කට් ආයතනයේ අයිතිකරු පෙලඹී තිබෙන්නේ මෙම ඇල මාර්ගයේ අනෙක් ඉවුරට (කටාන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටසේ ) මායිම් වන ඉඩම් කොටස ඔහු විසින් මෑතකදී මිලට ගෙන එහි සංචාරක හෝටලයක් ඉදිකිරීමට බලාපොරොත්තු ඇතිව බවද ගම්මුන් පවසති. මලයන්දළු ප‍්‍රදේශයේ මයිකල් නැමැත්තෙකුට අයත් ව තිබූ පර්චස් 40 ත් 50 ක් පමන වන එම ඉඩමේ මේ වන විට පොල් ගස් 50 ක් පමන එහි නව අයිතිකරු වූ තුෂාර සුපර්මාර්කට් ආයතනයේ අයිතිකරුගේ උපදෙස් මත උදුරා දමා ඇති බවද ගම්මුන් පවසති. ඔවුන් වැඩි දුරටත් අවධාරනය කරන්නේ ඇල මාර්ගයේ හැඩය වෙනස් කිරීමෙන් ඇල මාර්ගයේ එහා ඉවුරේ වූ එම ඉඩමට (එම ඉඩම අනෙක් මායිම වන්නේ මා ඔයයි) කෙලින්ම පාරක් තනා ගැනීමට මේ තත්වය මත හැකි වන බව බවයි.
මේ අනුව ඔක්තෝබර් මස 26 වැනි බදාදා දින පෙරවරුවේ එම ප‍්‍රදේශයේ ජීවත් වන ගම්වාසීන් පිරිසක්ද, අදාල වසමේ ග‍්‍රාම නිලධාරිනියද එම ප‍්‍රදේශය නියෝජනය කරන බන්දුල නාඔටුන්න නාගරික මංතී‍්‍රවරයාද කටාන ගොවිජන සේවා නිලධාරියෙකු සහ අදාල සුපර් මාර්කට් ආයතනයේ අයිතිකරු හා සාකච්ඡාවක් පැවැත්වීමට සුදානම් විය. එහෙත් එහිදී දෙපාර්ශවයට කිසිදු එකඟතාවයකට එලඹීමට නොහැකි වු අතර එදින සවස නැවත ඒ පිලිබඳව වැඩිදුර සාකච්ඡාවක්  බන්දුල නාඔටුන්න නාගරික මංතී‍්‍රවරයාගේ නිවසේ පැවැත්වීමට තීරනය විය.
මෙහිදී ගම්මුන් පවසන්නේ මෙම ඇල මාර්ගය වර්ෂා කාලවලදී ඇතිවන ගංවතුර තත්වයන් වලදී කොච්චිකඬේ නගරයේ සහ නගරය ආශී‍්‍රතව ඇති සියළුම ඇල මාර්ගයන්ගෙන් ගලා එන ජලය මා-ඔයට රැගෙන යන ප‍්‍රධානතම ඇල මාර්ගය බවයි. ඒ නිසා ගංවතුර ඇති වන කාල වලදී මෙම ඇල මාර්ගයේ සැඩ පහර වඩාත් රළු ස්වභාවයක් ගන්නා අතර එම සැඩ පහරේ වැඩි වේගය නිසාම දෙපස ඉවුරු ඉතා ඉක්මනින් සේදී ඉවුරු ආශී‍්‍රතව තනා ඇති නිවාස වල සහ වැසිකිලි වල අත්තිවාරම්ද මේ වන විටත් පුපුරා ගොස් ඒවා පහතට ගිලා බැසීම සිදු වී ඇති බවද ඔවුන් සදහන් කරයි. එවන් තත්වයක් පවතින විට එහි හැඩය පවා වෙනස් වුවහොත් එහි බලපෑම මීටත් වඩා අහිතකර සහ දරුණු වීමට ඉඩ ඇති නිසා එම ඇල මාර්ගයේ ස්වභාවික හැඩය වෙනස් කිරීමට තමන් එක හෙලා විරුද්ධ වන බවද ඔවුන් අවධාරනය කරයි. එසේ වුවහොත් තමන් දැනට දරා සිටින අවධානම දෙතුණ තෙගුණ විය හැකි බවද ඔවුන් ස`දහන් කරයි. කෙසේ වෙතත් ඔක්තෝබර් මස26 වැනි බදාදා දින පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පලාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු එම ගම් වැසියන් දෝෂ දර්ෂනයට ලක් කර පවසා ඇත්තේ මෙලෙස අනීතික කි‍්‍රයාවලියක් වගකිවයුත්ත්න්ට පැමිණිලි කිරීමට ඉක්මනින් නොවුනේ ඇයි ද යනුවෙනි. එහිදී එම නිලධාරිණ් විසින් ගම්වාසීන්ට ප‍්‍රකාශ කර තිබුනේ මෙලෙස ඇල මගක් වෙනස් කිරීම තබා ඇල මගක් ගොඩ කිරීමට උත්සහ ගැනීම පවා ද`ඩුවම් ලැබිය හැකි වරදක් බවයි.
මේ අනීතික කි‍්‍රයාවලියට මුල සිටම සිය විරුදත්වය ප‍්‍රකාශ කරන ගම්වාසීන් කිහිප දෙනෙකුගෙන් අප අදහස් විමසූ වෙමු. මේ එහි සටහනකි.

මාලනී ෆොන්සේකා.
මගේ නම මාලනී ෆොන්සේකා. මගේ වයස දැන් අවුරුදු 65 යි. 1975 දී තමයි මම මෙහාට ඇවිත් පදිංචි වුනේ. මම ඉන්නේ කොච්චිකඬේ, සොයිසා වත්තේ අංක 12/07 කියන ලිපිනයේ. මගේ ගේ පිහිටලා තියෙන්නේ මේ ඇල මාර්ගයේ මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඇල ඉවුරකට මායිම්වයි. මම මෙහාට ආපු මුල් කාලේ මේ ඇල පාරේ පලල තිබුනේ අඩි 12 ක් විතර වාගේ. ඒත් දැන් එකේ පලල අඩි 22 ක් විතර වෙනවා. ඒක එහෙම වුනේ මේ ප‍්‍රදේශයට ඇති වෙන ගංවතුර නිසා ඒ ගංවතුර සැඩ පහරේ ප‍්‍රමානයටත් වේගයටත් මේ ඇල ඉවුරු පලල් වීම නිසයි. ඉතිං එහෙම තත්වයක තියෙද්දී මේ ඇලේ තියෙන වංගුව නැති කරලා ඒක තනි කෙලිං ගත්තොත් මේ තත්වය තවත් වැඩි වෙන්න පු`ඵවන්. පහුගිය සුනාමි තත්වයේදී අපේ ගේයි තවත් ගෙවල් කීපයකටම දැඩි විදිහට බලපෑම් ඇති වුනා, මේ ඇලේ මග දිගේ ආපු වතුර පහරින්. මේ වෙද්දී අපේ ගේයි තවත් ගෙවල් කිපයකමත් වැසිකිලිවලත්  අත්තිවාරම් මේ වෙද්දී ඉරිතලලා  තියෙනවා. ඒක නිසා අපි කොහොමවත් විරුද්ධයි වෙන වෙන විකල්ප වැඩ වලට. අපි කියන්නේ මේ ඇල මග කලිං තිබුන විදිහට අර වංගුව එක්කම නැවත හදන්න කියලයි. එහෙම වුනේ නැත්නම් ලොකු ගංවතුරකදී හෝ ආයෙත් සුනාමි තත්වයක් ආවොත් අපේ ගෙවල් කැඩිලාම යාවී. මේ ප‍්‍රශ්නයට සෘක්‍ුව මුහුණ දෙන්නේ මේ ඇල ඉවුර මායිම් කර ගෙන හදලා තියෙන ගෙවල් 10 ක් විතරයි. ඒත් එක්කම ඒ ගෙවල් වලට මායිම් වුනු තවත් කිහිපයකටමත් බලපෑම් සිද්ධ වෙන්න පු`ඵවන්. අපි නම් මේ අ`ඵත් ඇල මාර්ගයටත් පරණ ඇල මාර්ගය ගොඩ කිරීමටත් කවුරු මොනවා කිව්වත් විරුද්ධයි.

පි‍්‍රයන්ති පුෂ්පා
මම පි‍්‍රයන්ති පුෂ්පා. මට වයස අවුරුදු 43 යි . මම උපන්දා ඉ`දලා ඉන්නේ කොච්චිකඬේ, සොයිසා වත්තේ අංක 14 කියන නිවසේ. මගේ ගේ පිහිටලා තියෙන්නෙත් ඔය ඇල මාර්ගයේ මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති ඇල ඉවුරට මායිම්ව. මට ඉස්සෙල්ලා කථා කරපු මාලනී අක්කාගේ ප‍්‍රශ්ණයම තමයි අපිට තියෙන්නෙත්. මොකද මාලනී අක්කලාගේ ගෙදරට මායිම්ව තමයි අපේ ගේ පිහිටලා තියෙන්නෙත්. අපිටත් විශාල බයක් තියෙනවා, මේ ඇල මෙ`ග් හැඩය වෙනස් වුනොත් අපේ ගෙවල් සැඩ පහරකට ගලෝගෙන යයිද කියලා. කියන්න බැහැනේ. පහුගිය කලේ ඇති වුන සුනාමි වෙලාවේදී අපි දැක්කා අපේ ගෙවල් වල ටොයිලට් වල අත්තිවාරම් පුපුරලා ඒවා පහල් වෙලා තියෙනවා. ඒත් එක්කම ආපු වතුර පහරේ සැරට ඉවුරු කඩා ගෙන ගිහිල්ලා ඇපේ ඉඩම් ඇල මාර්ගයට කඩාගෙන ගියා අපි දැක්කා. ඒක නිසා මේ වැඬේදී අපි හරිම බයෙන් ඉන්නේ ආයෙත් අපිට ඒ වාගේ දේකට මුහුණ දෙන්න වෙයිද කියලා. එහෙම වුනොත් අපේ ගෙවල් අපිට නැති වෙලා යයි කියලත් අපි බයෙන් ඉන්නේ. ඒක නිසා වගකිවයුත්තන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ තිබුනු ඇල ම`ග ඒ විදිහටම නැවත හදලා දෙන්නයි ඇල ඉවුර ගොඩ කරන එකයි නතර කරලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ . එහෙම කරලා අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලත් ඉල්ලා හිටිනවා. මේ වාගේ නීති විරෝධී වැඩ නැවත නොවෙන්නට ද කටයුතු කරන්න කියලත් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා හිටිනවා.