තොප්පුවේ ලංකා බැංකු සේප්පුව කඩන්න ගිය කළමණාකරු කොටුවෙයි.

0
164

තමන් සේවය කල වෙන්නප්පුව තෝප්පුව හන්දියේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාව මංකොල්ලකෑමට සැලසුම් කල බැංකු කළමනාකරු ඇතුලු පස්දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් වෙන්නප්පුව පොලිසියේ නිළධාරින් ඊයේ(03 වන දින) දිනයේ මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේන් පසු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝග කලේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ තෝප්පුව ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු ලෙස සේවය කල ජේ.අමිල සම්පත්ය. කොල්ලය සැලසුම් කිරිමට සහය වු කොච්චිකඩේ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයෙකු බි.ඩි.ලලිත් අප්පුහාමි, අසාර්ථක මංකොල්ලය කිරිමට බැංකුවට ඇතුලු වු ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි එම්.එම්.දිලිප් කුමාර, මාදම්පේ ප්‍රදේශයේ පදිංචි ජේ.ඒ.අමිල සම්පත් , ඩි.එම් ජීවන මධුසංක යන පස් දෙනෙකි. මෙම බැංකු කළමනාකාරවරයා බැංකුවේ ඔ ඩි යන ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගිණුම් පියවීම සඳහා පිටස්තර පුද්ගලයෙන්ගෙන් මුදල් ගෙන වැඩි පොළියට ලබාදෙමින් කාලයක සිට සිදු කල ජාවාරමක ප්‍රතිපලයක් ලෙස අධික ණය බරක් තමන් මත පැටවීම නිසා එයින් බේරිමට බැංකුවේ තිබු කෝටි දෙකහාමාරක් සොරා ගැනිමට මෙම මංකොල්ලය සැලසුම් කර ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කීය. මෙම මංකොල්ලයට සහය වු තවත් පුද්ගලයන් තිදෙනෙක් සොයා පොලිස් පරික්ෂණ අරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය කීය.

bank-robery

චන්දන ප්‍රනාන්දු.