තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත ව්‍යවස්‌ථාවට අනුකූල ද නැද් ද යන්න විමසීම 28 දා

0
142

RTI Activist bbපාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල ද නැද් ද යන්න විමර්ශනය කිරීම අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ ලබන 28 වැනිදා කැඳවීමට නියමිත ය.

රෝහිනි මාරසිංහ සහ ප්‍රියන්ත ජයවර්ධන මේ විනිසුරු මඬුල්ලේ අනිත් සාමාජිකයන් දෙදෙනා ය.

ඉතා ඉක්‌මනින් සම්මත කර ගත යුතු පනත් කෙටුම්පතක්‌ ලෙස ජනාධිපතිවරයා විසින් ශ්‍රෝෂ්ඨාධිකරණයට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත යොමු කරනු ලැබ ඇත.
(thecolombopost.net)