තෝප්පුව ඇල ට අධිකරණයෙන් නියෝග

0
77


කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ඇති තෝප්පුව ඇල නම්න් හදුන්වන ඇල මාර්ගය නීතිවිරෝධී ලෙස වසා දමා එය ගොඩ කර එයට වෙනත් ඇල මාර්ගයක් කැපීම සම්බන්ධයෙන් කොච්චිකඬේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව ගම්වාසීන් පිරිසකගෙන්  පසුගිය කාලයේ දැඩි ලෙස චෝදනා එල්ල විය. එම ව්‍යාපාරිකයා විසින් එලෙස අනීතිකව එවැනි නීතිවිරෝධී කි‍්‍රයාවක් සිදු කර තිබුනේ තෝප්පුව ඇල මායිමේ ඇති තම ඉඩමට යාමට පු`ඵල් මාර්ගයක් සකසා ගැනීම වෙනුවෙනි. කෙසේ වුවද එම නීති විරෝධී සහ පරිසර විරෝධී කී‍්‍රයාව සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයාට හරි හැටි නීතිය කි‍්‍රයාත්මක නොවුනේ ඊට වගකිව යුතු පොලිසිය ඇතු`ඵ රාජ්‍ය නිලධාරීන්ගේ නිද්‍රාශීලීභාවය නිසාය.
කෙසේ වෙතත් මේ වන විට කොච්චිකඬේ පොලිස් ස්ථානයේ  වර්තමාන ස්ථානාධිපතිවරයා ඇතු`ඵ පරිසර පොලිස් අංශයේ නිලධාරීන් පිරිසක්ද එලෙසම මීගමුවට පැමිණි නව ප‍්‍රාදේශීය ලේකම්වරයාද මේ සිදුවීම සම්බන්ධව උනන්දු වෙමින් මෙය අධිකරණයට යොමු කරන්නට කටයුතු කර තිබිණි. ඒ අනුව අධිකරණය විසින් පසුගිය ජුලී 10 වැනි දින මේ සිදුවීම සම්බන්ධව පැවැති නඩු විභාගයකින් අනතුරුව නියෝග කිහිපයක් නිකුත් කර තිබේ. එහිදී අධිකරණය විසින් ඒකී ව්‍යාපාරිකයාට නියෝග කර ඇත්තේ ඇල මාර්ගය ආසන්නව ඇති නිවාස පිහිටි ඉවුරු බැමි බැ`ද සකස් කල යුතු බවකි . එලෙසම ඇල මාර්ගයේ නිවාස පිහිටි ස්ථානයේ සිට මහා මාර්ගය දෙසට ඇති බෝක්කුව දක්වා එම බැමි ඉදි කල යුතු බවටද නියෝග කර ඇත. එසේම දැනට කපා ඇති ඇල මාර්ගයේ පලල අඩි 20 ක් දක්වා කැපිය යුතු බවත් , ඇල ඉවුරු දෙපැත්තෙන් අඩි 06 බැගින් රක්ෂිත ප‍්‍රදේශයක් ( රෙසවේෂන් * වෙන් කල යුතු බවත් එම නියෝග වල වැඩිදුරටත් දක්වා ඇත.
අධිකරණය විසින් ලබා දුන් මෙම තීන්දු වලට එම වසම භාර ග‍්‍රාම නිලධාරීවරිය සහ මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ නිලධාරීහුද කැමැත්ත පල කර ඇති බවද මේ වන විට වාර්තා වී තිබේ. අධිකරණ නියෝග අනුව මෙම ඇල මාර්ගය ආශී‍්‍රත නිවාස වල වෙසෙන ජනතාවට අසාධාරණයක් නොවෙන ලෙස මෙම ව්‍යාපාරිකයා විසින් දැන්වත් කටයුතු කරන්නේදැයි ජනතාව විමසිලිමත්ව බලා සිටිති.