තෝප්පුවේ පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් කොච්චිකඩේ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්

0
68

තෝප්පුව විරෝධය(2.15 pm ) බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇති උද්ඝොෂණයක් හේතුවෙන් කොචිච්කඩේ ප්‍රදේශයේ සිට දැඩි වාහන තදබදයක් මේ වන විට නිර්මාණය වි තිබේ.
ඉන්ධන මිළ ඉහල යෑම අයිස් මිළ ඉහල යෑම ඇතුළු කරුණු ගණනාවක් මුල්කොට ගෙන බහුදින යාත්‍රා හිමියන්ගේ  සංගමය විසින් කොච්චිකඩේ තෝප්පුව ප්‍රදේශයේදි මේ විරෝධතාව සංවිධානය කොට ඇත.
තෝප්පුව ප්‍රදේශයේදි හලාවත කොළඹ මාර්ගය හරස් කරමින් මේ විරෝධතාවය පැවැත්විම හේතුවෙන් මේ හරහා ගමනේ යෙදෙන සියළු දෙනා මහත්වු අපහසුවකට පත්ව තිබේ.
ඡායා – ලුෂන් ප්‍රනාන්දු