“”ද සිල්වා මාවත”” පිළිසකර කිරීමට  අවධානය යොමු කරනවා –  මීගමුව නාගරික කොමසාරිස්වරිය.

0
106

 

                     කාලයක සිට අබලන් වී  පවතින “ද සිල්වා මාවත” ” පිළිබඳව මීට පෙර වතා කිහිපයකදීම අප මීපුර ප්‍රවෘත්ති වෙබ් අඩවිය මඟින්  පෙන්වා දුන්නෙමු.

                       ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස අවසන් සතියේදීද ” ද සිල්වා මාවත” පිළිසකර කිරීම පිළිබඳව මහ නගර සභා පාරවල් වල නඩත්තු කටයුතු මෙහෙයවන  නගර සභා ඉංජිනේරු අංශයෙන් විමසු අවස්ථාවේ එම අංශයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ ද සිල්වා මාවත ඇතුළු මීගමුවේ මහා නගර සභාවට අයත් තවත් මාවත් සහ පාරවල් කිහිපයක්ම අලුත් වැඩියා කළ යුතු තත්ත්වයක තිබෙන බවයි. ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලීම් කළද ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණය නිසා මෙතෙක් ප්‍රතිපාදන ලබාදී නොමැති බව ද  එහිදී ලේකම්වරයා පැවසීය
එලෙසම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මහා මැතිවරණයෙන් පසු මීගමුව මහා නගර සභාවට අයත් පාරවල් සහ මාවත් වල අලුත් වැඩියා කටයුතු කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන  ලැබේ යැයි බලාපොරොත්තු වෙන බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ  මේ සඳහා යම් තාවකාලික සහ ඉක්මන් විසඳුමක් ලෙස ඒබීසී (abc) යොදා එම මාවත්වල සහ පාරවල් වල සෑදී ඇති වලවල් වසා දැමීමට ඉක්මනින්ම කටයුතු කරන බවයි. 

               එහෙත් මහා මැතිවරණය ද අවසන් වී  දින ගනනක් ඉක්ම ගොස් තිබේ,. නමුදු     ” ද සිල්වා මාවත”: හෝ මීගමුව මහා නගර සභාවට අයත් අබලන්ව වලවල් සෑදී ඇති කිසිදු මාවතක් හෝ කිසිදු අතුරු පාරක්  මේ වනතුරු පිලිසකර කිරීමට හෝ අඩුම තරමින් මුල පුරා හෝ නොමැත.

           එහෙයින් අප මේ සම්බන්ධව මීගමුව නාගරික කොමසාරිස්වරිය දැනුවත් කළ අතර කොමසාරිස්වරිය එහිදී ප්‍රකාශ කළේ ඉතා ඉක්මනින්ම ද සිල්වා මාවත වැනි අබලන් ව ඇති නගර සභාවට අයත් මාවත් සහ අතුරු පාරවල් පිළිසකර කිරීමට අවධානය යොමු කරන බවයි. එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ එළඹෙන නත්තල් සහ අළුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මීගමුව නගරයට පැමිණෙන රථ වාහන සඳහා නිසි රථ ගාලක් නොමැති වීම නිසා නගර මධ්‍යයේ ඇති තැබෑරුම් වත්ත භූමිය මේ වනවිට ඒ සඳහා සූදානම් කරගෙන යන බවයි.එම කාර්යය සඳහා නගර සභාවේ කම්කරු සේවකයන්   කරන්න කර ඇති බවත් එම කාර්යයෙන් පසුව” ද සිල්වා මාවත ” ඇතුළු දැනට අබලන්ව ඇති මාවත් සහ අතුරු පාරවල් පිළිසකර කිරීමට එම කම්කරු සේවකයන් ඒ  සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළේය.
              විශේෂයෙන්ම පහුගිය ගෙවුණු වැසි සහිත දිනවලදී ” ද සිල්වා මාවතේ ” වලවල් වල වැසි ජලය පිරි තිබීමෙන් මාවතේ ධාවනය වූ රථවාහන වලට මෙන්ම  යතුරුපැදිකරුවන්ටත් දැඩි අවදානම් සහිත තත්ත්වයක් යටතේ එම යතුරු පැදි ධාවනය කිරීමට සිදුවිය..
        මේ තත්ත්වය නිසාම මේ මාවතෙන් ගමන් ගන්නා රථ වාහන හිමියන් සහ යතුරුපැදිකරුවන්ද එලෙසම ප්‍රදේශවාසීන්ද  වගකීව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ  කඩිනමින්ම මීගමුව ප්‍රදේශයේ ප්‍රධානතම අතුරු මාර්ගයක් වූ “ද සිල්වා මාවත”  පෙර තිබූ පරිදි කාපට් කර යළි සකස් කර දෙන ලෙසයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here