දන්කොටුව නගරයට හෙරොයින් බෙදා හරින ප්රධාන පෙලේ පුද්ගලයෙක්ව හෙරොයින් පැකට් 75 ක් අළෙවි කළ උපයාගත් රු 13000ක මුදලක් සමග දන්කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොස්තාපල් ජයවිර මහතාට ලැබුණු තොරතුරක් මත දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළින හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.
ඡායා – චන්දන ප්රනාන්දු / වෙන්නප්පුව – ලංකාදීප වාර්තාකරු