දංකොටුවේ  ව්‍යාපාරිකයෙකු අභිරහස් ලෙස මියයයි

0
117

ඊයේ ජනාවරි 30 වනදා  දංකොටුවේ  සිට හලාවත කම්කරු උසාවියට යම් කාර්්‍යයක් සදහා ගිය  ව්‍යාපාරිකයෙකුගේ අතුරුදහන්වීමක් සහ  අභිරහස් මරණයක් පිළිබදව සිදුවීමක්  දංකොටුව ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිදුවිමට මුහුණ පා ඇත්තේ දංෙකාටුව ප්‍රදේශයේ ‘ සදමාලි ‘ ඉංජිනියරින් ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන අශෝක සංජීව මහතා වේ.  ඔහු සිය බිරිද සමග ඊයේ (30) වනදා හලාවත නගරයට ගොස් ඇත්තේ කම්කරු උසාවියේ නඩුවකට සහභාගී වීම සදහා වන අතර එම ස්ථානයෙන් එළියට පැමිණි පසු බිරිදට ඔහුව සොයාගැනීමට නොහැකි වී ඇති බවද වාර්තාවේ. පසුව ඇය සහ පවුලේ සාමාජිකයන් ඔහුව සොයාගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇති අතර මේ පිළිබදව පෙොලීසියට පැමිණිලි කර තිබේ. පසුව පොලීසිය විසින් කරන ලද විමසීම් වලින් අනතුරුව අද සවස ඔහුගේ දේහය පම්බල ප්‍රදේශයට නුදුරුව කලපුවේ තිබී හමුවී ඇත.  දේහය  මෙම ව්‍යාපාරිකයාගේ බවට හදුනාගෙන ඇති අතර තවමත් මේ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂනය නිමවී නොමැති බව ද වාර්තා වේ. 79347

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here