spot_img
spot_img
Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Articles දකුණු කොරියාවෙන් පැමිණි පළමු පිරිස මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානයට !

දකුණු කොරියාවෙන් පැමිණි පළමු පිරිස මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානයට !

0
57
 c20d138e14c27b8586681b6eaf058d02_XL
දකුණු කොරියාවේ සිට අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් පිරිසක්,  මඩකලපුව නිරෝධායන මධ්‍යස්තානයක් ලෙස ස්ථාපිත කරන්නට යෙදුන පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට අදාල බළධාරින් විසින් කටයුුතු කර තිබුණි.
එහි ශ්‍රී ලාංකික ගුවන් මගීහු 164 ක් සහ කොරියානු ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් සිටින බව ඩේලිමිරර් කෙටි පුවත් සේවය විසින් වාර්තා කොට තිබේ.
ඔවුහු නීරෝධායනය සඳහා යොමුකරන ප්‍රථම ගුවන් මගී කණ්ඩායමද වන අතර  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයා තිබූ බස් රථ 5 ක් මගින් ඔවුන් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.
මේ අතර  ලංකාවට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධායන කිරිමට කලින් යෝජනා කර තිබුණ හැදල ලාදුරු රෝහල පිළිබදව ඇතැම් දේශපාලකයන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද දින කිපයක් පුරා විරෝධතා දැක්වුවද නැගෙනහිර ජනයා මේ වනතුරුත් කිසිදු විරෝධයක් මේ වෙනුවෙන් දක්වා නොතිබිමද මෙහිලා විශේෂයෙන්ම සටහන් කළ යුතුව තිබේ.