‘‘දකුණේ මිනිස්සුන්ට සහන දීලා හැමදාම තමන්ගේ තුරුල්ලේ තියාගන්ඩ මහින්ද රාජපක්ෂට බැහැ‘‘

0
29

20140321_134114

20140321_110552‘‘ එදා උතුරේ මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකද්දී සන්තෝෂ වෙච්ච මිනිස්සුන්ගේ ඉඩම් අද කොළඹදී , පානමදී, හැමතැනකම උදුරන්ඩ පටන් අරන් තිබෙනවා. අද තමුන්ගේ අයිතිය ඉල්ලලා පාරට එන මිනිස්සුන්ට වෙඩි තියනවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ධීවරයෝ දෙන්නෙක් මරලා දානවා.  රතුපස්වල මිනිස්සු බොන්ඩ වතුර ඉල්ලපුවහම වෙඩි තියලා 3 දෙනෙක් මරලා දානවා. එතකොට මේ තරම් කාලයක් දෙමළ මිනිස්සුන්ට දුන්න වධහිංසා ගැන ඉවසා වදාරපු සිංහල සමාජයට අද තරමක් තේරෙන්ඩ අරන් තිබෙනවා තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරනකොට වෙඩිකන්ඩ වෙනවා,අතුරුදහන් වෙන්ඩ වෙනවා කියලා.‘‘
අතුරුදහන්වූළුන්ගේ පවුල් එකතුවේ සභාපති හා නිදහසේ වේදිකාවේ කැදවුම්කරුවෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් මෙම කතාව  සිදුකරන ලද්දේ ඊයේ 21 වනදා මන්නාරම මහජන ක්‍රීඩාංඅතුරුදහන්වූවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් හා ආගමික නායකයන් මෙන්ම උතුරේ දේශපාලන නායකයන් එක්වී සිදුකල උපවාසයට සහභාගී වූ අවස්ාවේදීය.

20140321_111336

20140321_11043220140321_110451nPhoto /kumari fernando