දකුණේ ලින්නෝ කරවලට මිගමුවට ගෙනඒම ගැන වැල්ලවිදියේ ධිවරයෝ එරෙහි වෙද්දි නිමල් ලංසා ගත්තේ කාගේ පැත්තද ?( විඩියෝ)

0
52

????????????????????????????????????

(9.15pm ) දකුණින් මාලු ගෙනවිත් කරවල කිරීම හා එවා විකිණීම සම්බන්ධයෙන් මීගමුවේ ධීවරයින් දින කිහිපයක් තිස්සේ මුහුදු නොගොස් දැවන්ත විරෝධතාවය දැක්විමේදි නිමල් ලංසා ගත්තේ කාගේ පැත්තදැයි අද .( 2018.01.20)වැල්ලිවිදියේ පැවැති රැස්විමකදි මීගමුව එජාප සංවිධායක ජනතාවගෙන් විමසා සිටියේය.
එහි රැස්ව සිටි ජනයා එකාවන්ව කියා සිටියේ ලින්නාගේ පැත්ත කියාය.
වැල්ලවිදිය කොට්ටාශය නියෝජනය කරමින් මෙවර මහනගර සභාවට එජාප නියෝජනය කරමින් තරග වදින වෛද්‍ය හෙන්රි රොසයිරෝගේ මැතිවරණ මෙහයුම් කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින් රොයිස් විජිත ඉහත අදහස් පළකර තිබුණි.

????????????????????????????????????

????????????????????????????????????

වැල්ලවිදියෙේ සහ කුඩාපාඩුවෙ ධිවරයන්ගේ ආර්ථිකයට මහත් බලපෑමක් සිදුකර තිබුණ මේ අරගලයේ පසුබිම් කථාව පහත සදහන් පරිදිය.

 

 

.දකුණින් මාලු ගෙනවිත් කරවල කිරීම හා එවා විකිණීම සම්බන්ධයෙන් කුට්ටිදුවේ ඇතැම් ව්‍යාපාරිකයන් කටයුතු කරද්දි මීගමුවේ ධීවරයින් දින කිහිපයක් තිස්සේ මුහුදු නොගොස් දැවන්ත විරෝධතාවයක් 2014 නොවැම්බර් දියත් කර තිබුණි.එයට මුලිකත්වය ගෙන තිබුනේ වැල්ලවිදියේ සහ කුඩාපාඩුවේ ධිවරයන් විසිනි.
දැන් කිහිපයක් පුරා පැවැති මෙම විරෝධතාවය අවසන් කිරිමට අදාල ප්‍රශ්ණය තාවකාලිකව හෝ විසදා ලිම සදහා මුලිකත්වය ගැනිමට කතෝලික පියවරුන්ටද සිදුව තිබුණි.

මේ සදහා එවකට ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න  හා පලාත් සභා ඇමති නිමල් ලාන්සා ද සහභාගි විය. මෙහිදී දෙපාර්ශවයම අදහස් දැක්වූ අතර එම අවස්ථාව ගැටුම්කාරි තත්වයන් නිර්මානය වීමට තරම් තත්ත්වය උනුසුම් විය. ධීවරයින් පවසා සිටියේ පිටතින් මාලු නොගෙනෙන ලෙසත් තම මාලු මිලදි ගන්නා ලෙසත්ය. දකුණින් ගෙනඒන ‘ලින්නෝ’ සහ ‘පොතුබරි ‘ තහනම් කරන ලද මාලු යැයි ධීවරයන් පවසා සිටියහ. ධීවර නියෝජ්‍ය ඇමති තුමාද මෙය සනාථ කළ අතර ඔහු පවසා සිටියේද මෙම මාලු තහනම් කරන ලද මාලු බව ධීවර ඇමති තුමා තමාට පැවසු බවයි. නමුත් මෙම තහනම් මාලු විශේෂ දෙක දකුණේ සීමා සහිතව ඇල්ලීමට දෙන බවත් එම මාලු මීගමුවට නොගෙ‍නෙන ලෙසත් තව දුරටත් ඔහු පැවසීය. නමුත් පළාත් සභා ධීවර ඇමති වරයා වන නිමල් ලාන්සා පවසා සිටියේ මෙම ලින්නන් හා පොතු බරීන් තහනම් බව නිශ්චිතවම ප්‍රකාශ කර නැති බවයි.

පියතුමන්ලා සදහන් කල සිටියේ කාර්දිනල් හිමිපානන් විසින් මේ පිලිබදව ජනාධිපති තුමා සමග සාකච්ඡා කොට තීරනයකට එන තුරු සතියක කාලයකට ලින්නන් හා පොතුබරීන් මීගමුවට නොගෙනෙන ලෙසයි. ඒ වෙනුවෙන් මාලු සැපයීමට ධීවරයින් එකග වූ අතර තම වැඩවර්ජනය නතර කොට හෙට සිට මුහුදු යන බව ධීවරයන් පවසා සිටියහ. අවසානයේදි දේපර්ශයේම එකගතාවය මත සතියකට පිටතින් මාලු ගෙන ඒම නතර කරන ලදි

නිමල් ලංසා එදා වැල්ලවිදියේ සහ කුඩාපාඩුවේ ධිවරයන්ට එරෙහිව කරවල කරුවන්ගේ පැත්ත ගනිද්දි
වැල්ලිවිදියේ කාන්තාවක් සිය අදෝනාව විස්තර කර සිටියේ මෙසේය.