දඩ ගෙවන්ඩ දාහේ කොල නැති වූ නිසා වු ඇබැද්දිය

0
538

මේ පුවත වාර්තා වන්නේ පුත්ලම් දිස්ත්‍රික්කයේ  අධිකරණයකිනි. ඊයේ දුන්කන්නාව ප්‍රදේශයේ පුද්ගලයෙකු තමන්ට ‍හා තවත් පුද්ගලයන් කීපදෙනෙකුට අධිකරණය මගින් ගෙවන්නට නියම කළ වන්දි මුදලක් ගෙවන්නට අධිකරණයට ගියේය. මෙම පුද්ගලයාට ගෙවන්නට තිබුණේ රුපියල් 20 000ක වන්දි මුදලකි. ඔහුගේ  රැකියාව පොළේ වෙළෙන්දාමය. එබැවින් ඔහු සතුව තිබූ රුපියල් 20 කොල නෝට්ටුද ඇතුළුව
රුපියල් 20 000මුදල සාදාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය. මෙය දුටු විනිසුරු උද්හස් වී එය බාරගන්නට බැරි බව පවසා මෙය 1000 කොල වලට මාරු කරගෙන එන ලෙස නැවතත් නියෝග කළේය. පසුව ඔහු මුළු ටවුමේම ඇවිද ගොස් නැවතත් මුදල හදාගෙන ආවේ රු 100 කොලද සමගිනි. එයද බාරගන්නට නොහැකි බව කී අධිකරණ විනිසුරු මොහුට දොස් පවරා  දින 14කට රිමාන්ඩ් බාරයට යවා ඇත. අහෝ දුප්පත් වෙළෙන්දාට සිදුවූ හදියක්.400-05361124
සටහන – ජසින්තා නිර්මලී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here