දඵවකොටුවේ, වැලි නිස්සාරණ ව්‍යාපාරයට ජනතා විරෝධය

0
65

CIMG0976 සැප්තැම්බර් මස 28 වනදා දළුවකොටුව ප‍්‍රදේශවාසීන් පිරිසක් ප‍්‍රදේශයේ ඉඩමක සිදුවන වැලි හෑරීමකට විරෝධය පාමින් උද්ඝෝෂණයක නිරත විය. ප‍්‍රදේශයටත් ජන ජීවිතයටත් මෙම වැලි නිස්සාරණය කිරීමේ ව්‍යාපාරය නිසා එල්ල වී ඇති දැඩි පීඩාකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන මේ ගම් වාසීන් පිරිසක් සංවිධානය වී මේ පිලිබ`දව කොච්චිකඬේ පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 19 වැනි දින ෑඡු ඹෂඊ 107/145 යන අංකය යටතේ මෙම ගම්වැසිය්ගේ පැමිණිල්ල සටහන් වී තිබේ. ඉන් පසුව ද මේ වැලි ව්‍යාපාරය මෙම ස්ථානයේ අඛන්ඩවම සිදු කර ගෙන යමින් පවතින නිසා පසුගිය සැප්තැම්බර් මස 28 වැනි බදාදා මේ ගම් වැසියන් 200 කට අධික පිරිසක් කොළඹ- හලාවත මහා මාර්ගයේ ද`ඵවකොටුව බෙන්තර හෝටලය නැමැති ස්ථානය අශී‍්‍රතව මහා මාර්ගයට පැමිණ විරෝධතා උද්ඝෝෂයක් පැවැත්වීය. එහිදී මෙම වැලි ව්‍යාපාරය නිසා ඔවුන්ට මුහුණ දීමට හා වි`දීමට සිදු වී ඇති පීඩාකාරී දුක් ගැහැට පිලිබ`දව ලියැවුනු දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැළිණි. මෙම විරෝධතාවයේදී මෙම වැලි ව්‍යාපාරයට ආරම්භ කිරීමටත් එය කරගෙන යාමටත් අනුමැතිය ලබා දුන් එම වසමේ නොවන ‘‘ මිරැුන්ඩා ’’ නැමැති ග‍්‍රාම නිලධාරීවරයාටද විරෝධත්වය එල්ල කරන ලදී. ඉන් පසුව විරෝධතාකරුවන් පාගමනින් එම ග‍්‍රාම නිලධාරීවරයාගේ නිවස හා කාර්්‍යාලය පිහිටි (ශාන්ත. ජූඞ් දේවස්ථාන පාර අසල* ස්ථානයට ගොස් සිය විරෝධය පල කලහ. ඉන් පසුව විරෝධතාකරුවන් මෙම වැලි කර්මාන්තය සිදු වන ස්ථානයට ගිය පසු කොච්චිකඬේ පොලිස් නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ එහි සිය`ඵ කටයුතු නතර කරන ලෙස දන්වා සිටියේය. ඒ අනුව මේ වන විට එහි වැඩ කටයුතු නතර වී ඇති අතර මේ ගම් වැසි පිරිස පවසන්නේ කොයි මොහොකත හෝ දේශපාලකයන්ගේ අනුග‍්‍රහයෙන් නැවත මෙම ස්ථාණයේදී මේ නීති විරෝධී සහ පරිසර විරෝධී ව්‍යාපාරය ආරම්භ කිරීමට ඉඩ ඇති බවයි. වැලි නිස්සාරනයකිරීමේ ආරම්භය දැනට මාස 03 කට පමන පෙර මීගමුව, කොච්චිකඬේ ද`ඵවකොටුව ප‍්‍රදේශයේ ( පුත්තලම-කොළඹ දුම්රිය මාර්ගයේ 26 1/2 කනුව අසල ඉඩමේ * අංක 74 බටහිර ද`ඵවකොටුව ග‍්‍රාම නිලධාරී වසමේ නො. 289 ලිපිනයේ කේ. ආර්. එම්. පී. ජයසුරිය නැමැත්තාගේ නමින් මෙම ව්‍යාපාරය ආරම්භ කර ඇත. එම ස්ථානයේ සිදුකරන යන්ත‍්‍රානුසාරයෙන් පස් සෝදා වැලි නිස්සාරණය කිරීමේ කර්මාන්තය නිසාවෙන් ඒ අවට පදිංචි ජනතාව ඔවුන්ගේ සිය`ඵ ජල අවශ්‍යතා සපුරා ගත් ලිං සි`දී ගොස් මේ වන විට දැඩි ජල අර්බුධයකට මුහුණ පා සිටිති. මෙය කර ගෙන යනු ලබන්නේ දංකොටුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බව ද ප‍්‍රදේශවාසීන් පවසති. මෙම ව්‍යාපාරය සිදු කර ගෙන මෙම ඉඩමේ වැලි සේදීම ස`දහා යැයි පවසමින් යන්ත‍්‍රානුසාරයෙන් විශාල දිය අගල් ඉතා ගැඹුරට හැරීම නිසා අවට නිවාස වල ඇති ලිං වල ජලය සි`දී ගොස් ඇති තත්වයක් එම ප‍්‍රදේශයේ දී දැක ගත හැකිය. මෙම ස්ථානයේදී සේදීමට වැලි පිටතින් ගෙනෙනවා පමණක් නොව මෙම ස්ථානයේ ඉඩමෙන්ද පස් කපා එම පස් සොදා වැලි වෙන් කරන අතර එම වැලි ද අලෙවි කරන බවද ප‍්‍රදේශවාසීන් පවසයි. ඔවුන් පවසන්නේ මෙම වැලි සේදීමට අවශ්‍ය ජලය මෙම ස්ථානයෙන්ම හාරා ලබා ගැනීමට නීත්‍යානුකූල බලපත‍්‍රයක්ද ලබා ගෙන නොමැති බවයි මේ වන විට මෙම ස්ථානයේ ජලය ලබා ගැනීම ස`දහා විශාල දිය අගල් 03 ක් ගැඹුරට හාරා ඇති අතර ඉන් එකක ගැඹුර පමනක් අඩි 30 ත් 40 ත් අතර වේ. එලෙස ගැඹුරට හාරන ලද දිය අගල් වලට තවත් අඩි 30 ක් , 40 ක් යටට කානු කැට බස්සවා එම දිය අගල් මත ලිං තනා ඇති ආකාරයද දැක ගත හැකිය. මෙම දිය අගල් 03 න් දිගම දිය අගලේ දිග ප‍්‍රමානය අඩි 50 ක් පමණ වේ. මේ තත්වය මත ප‍්‍රදේශයේ පවුල් විශාල ප‍්‍රමාණයකට පානීය ජලය නෙැමැතිවීම මත ඔවුන් දැඩි ලෙස පීඩා වි`දමින් සිටී. පෙර කාලවල පැවැති දැඩි ඉඩෝර සමයන්හී පවා තම ජල අවශ්‍යතා සියල්ල සපුරා ගත් ලිං සියල්ල සි`දී යාම, ප‍්‍රදේශවාසීන් මේ ව්‍යාපාරයට එරෙහිව කටයුතු කිරීම ප‍්‍රධාන හේතුවක් දැක ගත හැකිය. එලෙසම පස් කැනීමට යොදා ගන්නා බැකෝ යන්ත‍්‍ර 03 කින්ද එලෙසම වැලි නිස්සාරනය කිරීමේ යන්ත‍්‍රයෙන් සහ භූගත ජලය ලබා ගැනීමට කි‍්‍රයාත්මක කරන අධි බලැති ජල මෝටර් වලින් නිකුත් වන ශබ්ද දුෂනය නිසාද තමන්ගේ යහපත් සෙඃඛ්‍ය තත්වයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ගම් වැසියන් අවධාරණය කරයි. එලෙසම මෙම ව්‍යාපාරයේදී වායු ගෝලයට නිදහස් වන ¥විලි නිසා ස්වශන අබාධ මෙන්ම පෙනහ`ඵ අබාධයන් ගෙන් ද තම ප‍්‍රදේශවාසීන් පි`ඩා වි`දීමට සිදු වන බව ඔවුන් ගේ අදහසයි. මෙහිදී ගම්වැසියන්ගේ දැඩි විරෝධයටත් චෝදනාවටත් ලක් වන්නේ ‘‘ මිරැුන්ඩා ’’ නැමැති නැගෙනහිර ද`ඵවකොටුව ග‍්‍රාම නිලධාරීවරයායි. ඔවුන් පවසන ආකාරයට මෙම ඉඩම අයත් වන බටහිර දඵවකොටුව ග‍්‍රාම නිලධාරී වසමේ ආදාළ ග‍්‍රාම නිලධාරීවරයා මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට අදාළ රජයේ වගකිව යුතු ආයතන වෙත අනුමැතිය සදහා යවන කිසිදු අයදුම්පතකයට හෝ ලිපියකට අත්සන් තබා නොමැත. නමුත් මෙම ව්‍යාපාරයට ග‍්‍රාම නිලධාරී අනුමැතිය ලබා දී ඇත්තේ නැගෙනහිර දඵවකොටුව ග‍්‍රාම නිලධාරීවරයා වන මිරැුන්ඩා නැමැත්තායි. තමන්ට අයත් නොවන වෙනත් වසමක සිදු කෙරෙන කටයුතු වලට තම ග‍්‍රාම නිලධාරී මුද්‍රාව ඇතු`ඵ අනෙකුත් අනුමැතීන්ට සහය පල කර ඇත්තේ මෙම ග‍්‍රාම නිලධාරීවරයායි. මෙහිදී තමන්ට අයත් නොවන වෙනත් වසමක කටයුතු වලට අනුමැතිය ලබා දීම නිතී විරෝධී කාර්්‍යයක් බවද ගම්වැසින් පවසති. එලෙසම ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ග‍්‍රාම නිලධාරීවරයා දේශපාලකයන් සම`ග සම්බ`දතා පවත්වා ගෙන යමින් තම රාජකාරියට නිගා වන පරිදි මෙවැනි ව්‍යාපාරිකයන් ට ජනතා විරෝධී සහ පරිසර විරෝධී ව්‍යාපෘති වලට සහය දක්වන බවයි. ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙන පරිදි මෙම ග‍්‍රාම නිලධාරීවරයා මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට, මධ්‍යම පරිසර අධිකාරිය වෙත යැවෙන ලිපි සහ අයදුම් පත් වලටද එලෙසම මීගමුව මහා නගර සභාව වෙත යැවුණ ලිපි වලට අදාළවද වසමේ ග‍්‍රාම නිලධාරීවරයා වශයෙන්ද සිය අත්සන සහ රාජකාරී මුද්‍රාව භාවිත කර තිබේ. එලෙසම මෙම ව්‍යාපාරය ස`දහා තෙකලා විදුලිය (තී‍්‍ර ෆේස් විදුලිය* සම්බන්ධතාවය ලබා ගැනීමට අයදුම් කළ ලිපි වලටද මේ ග‍්‍රාම නිලධාරීවරයා සිය අත්සන සහ රජකාරී මුද්‍රාව භාවිත කර ඇතැයිද ඔවුන් වැඩිදුරටත් පවසති. කෙසේ වෙතත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ස්ථානයේ හාරා ඇති දිය අගල් නිසා දැනටමත් මදුරු වසංගතයක් පැතිර ඇති බවයි. මෙම තත්වය ඔවුන්ගේ යහපත් සෞඛ්‍යට එල්ල වන මරු පහරක් බවද අවධාරනය කරයි. ජනතා හ`ඩට කන් දී මේ වැලි නිස්සාරණ ව්‍යාපාරය නවතා දැමේද ? නොඑසේ නම් ජනතාව පෙන්වා දෙන පරිදි CIMG0974කොයි මොහොතක හෝ එය දේශපාලකයන්ගේ අනුග‍්‍රහයෙන් නැවත කි‍්‍රයාත්මක වේද ?

තුෂාර රොහාන්

 

 

 

 

 

CIMG0978