දමිළ ජනයාගේ අයිතින් වෙනුවෙන් පෙනි නොසිටින වාමාංශිකයන්ට අභියෝගයක් …

0
283

ම්ලේච්ඡ යුද්ධයේ අවසන් දිනය කිපය තුල සිදුවු ජන සංහාරය සිහිපත් කරමින් මුල්ලිවයික්කාල් පිළිබද මිගමු සැමරුම අද සවස්වරුවේ බාල්දි හංදියේදි සිදුකරන්නට යෙදුණි.

මෙහිදි අදහස් දැක්වු ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා අවධාරණය කර සිටියේ උතුරු නැගෙනහිර ජනයාගේ ප්‍රශ්ණ අයිතින් වෙනුවෙන් දකුණේ වාමාංශිකයන්ද මැදිහත්විය යුතු බවය.

සිංහල ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනිමේදි ඊට එ⁣රෙහි දකුණේදි මතුවන විරෝධතා උතුරේ ක්‍රියාකාරින් වෙනුවෙන් සංවිධානය නොවන්නේ ඇයිදැයි එතුමන් ප්‍රශ්ණ කර සිටියේය.

මෙම විරෝධතාවය ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණි.