දමිළ ජනයාගේ ඉල්ලිම් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට.

0
85

side evnt 230 වසක පැවැති යුද්ධය  යුධමය වශයෙන් පරාජය කිරිමෙන් පසුව 5 වසක් ගෙවි තිබුනද  ශ්‍රිලංකා රජය කිසිදු අව්‍යාජ උත්සාහයක් උතුරු නැගෙනහිර ජනයා පෙළන ප්‍රශ්න විසදිමට ගෙන නොතිබිම පිළිබදව අවස්ථා කිපයකදිම ජිනිවා නුවර දැන් පැවැත්වෙන 25 වන මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට ගෙන ඒමට දමිළ ජනතා නියෝජිතයන් විසින් පියවර ගෙන තිබුණි.
විශේෂයෙන්ම හමුදාකරණය ඉඩම් අත්පත් කර ගැනිම අතුරුදහන් වුවන්ගේ ප්‍රශ්ණය සහ රජයේ හමුදාවන් වෙත භාරවුවන් පිළිබද ප්‍රශ්ණය මෙහිදි ප්‍රධාන අවධානයට යොමුව තිබුණි.
2014 මාර්තු 10 වනදා පැවැති ඇමරිකා එක්සත් ජනපද  යෝජනාව පිළිබදව පැවැති දෙවන විශේෂ සැසියේදි සිවිල් සමාජ සංවිධාන වෙත ලබාදුන් ඉඩ ප්‍රයෝජනයට ගත් දෙමළ ජාතික සන්ධානයේ උතරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම මහතා මෙන්ම 2014 මාර්තු 12 වනදා පැවැති ශ්‍රි ලංකාව පිළිබදව වු විශේෂ මානව හිමිකම් පිළිබදව සැසියේදි උතුරු පළාත් සභා මන්ත්‍රිනි ආනන්දි සසිදරන් මහත්මිය විසින් ඉහත කි කරුණු සමාජ අවධානයට ගෙන ඒමට කටයුතු කර තිබුණි.
එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිළිබදව විශේෂ සැසියේදි සිය අත්දැකිම් ඉදිරිපත් කරන්නට යෙදුන    ජෛයබාලන් පියතුමා විසින් සිය පුතු අහිමි වු මවක් පිළිබදව  ඉදිරිපත් කරන්නට යෙදුන  අත්දැකිම කාගේත් අවධානයට ලක්ව තිබුණි.
අතුරුදහන්ව ඇති පුතු වෙනුවෙන් මරණ සහතියක් ලබාගැනිම පිළිගන්නේ නම් රු ලක්ෂයක් ලබාදෙන බවට රජය විසින් කරන ප්‍රකාශයට කදිම පිළිතුරක් දි තිබුණ මවගේ ඇත්දැකිමද විස්තරාත්මක සභාගත කරන්නට පියතුමා කටයුතු කර තිබුණි.එතුමන් පවසා සිටියේ එකි මව විසින් රු ලක්ෂයක් ලබාදෙන බවට කරන ලද ප්‍රකාශ අභියෝගයට ලක්කරන ලද අයුරුය.
මගේ නැතිවු පුතාගේ මරණ සහතිකය ගන්නට එකඟ වන්නේ නම් ඔබ මට රුපියල් ලක්ෂයක් ලබාදෙන්නට සුදානම් බව පවසයි.
ඇයට මරණ සහතිකය අන්‍යවශ්‍ය පවත් ඇයට අවශ්‍ය වන්නේ  ඇගේ පුතා බවත් අවධාරණය කළ ඒ මාතාව තවදුරටත් පවසා ඇත්තේ තම ආදරණිය පුතාව තමන් වෙත ලබාදෙන්නේ නම් ඇය රජය යෝජනා කරන රු ලක්ෂය වෙනුවට රු ලක්ෂ 5 ක් ලබාදිමට සුදානම් බවය.