දමිළ ජනයාගේ හද කකියවන ප්‍රශ්නයට සිනා සිසී දුන් පිළිතුර පිළිකුලට ලක්වේ!

0
258
ගෝඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමන් යුද්ධයට නායකත්වය ලබා නොදුන් බව ගෝඨාභය මහතා ප්‍රකාශ කර සිටිමත් එහිදි හා මාධ්‍ය විසින් නගන්නට යෙදුන ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් ආකාරයත් පිළිබදව මේ වන විට පුළුල් කතිකාවක් සමාජ මාධ්‍ය වල මෙන්ම ඉන් පිටතද සිදුවෙමින් තිබේ.මෙහිදි වඩාත් අවධානයට යොමුව තිබුණ කරුණක් වුයේ හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනිය විසින් නගන ලද ප්‍රශ්ණයි.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනියක් වන මීරා ශ්‍රී නිවාසන් විසින් ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි එහිදී ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.
නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නයක් නඟමින් විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.
එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.
කෙසේ වෙතත් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ එම පුද්ගලයින් සිටි තත්වය හඳුනාගෙන මාස 2ක, මාස 6ක, හා අවුරුදු 2ක ලෙස කාල සිමාවන් වලදී පුනරුත්ථාපනය කර නැවත සමාජ ගත කල බවයි.
මාධ්‍යවේදිනිය විසින් අසන ලද්දේ දමිළ සමාජය තුල හද කකිය වන ප්‍රශ්ණයකි. .
එයට ගෝඨාභය රාජපක්ෂ විසින් සිනා සිසි දුන්  පිළිතුරුත්   මේ විට දමිල සාමාජය තුල පිළිකුලට ලක්කෙරෙමින් තිබේ.
මේ අතර හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනියගේ  නිර්භිත මාධ්‍ය මැදිහත්විම අගකරන අාකරයේ සටහන්ද සමාජ මාධ්‍ය අතර මේ වන විට සංසරණය වෙමින් තිබේ.ගොඨා 1
පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගිය දිනක ප්‍රකාශ කොට තිබුනේ ජනපතිවරණය දිනිම සදහා දමිල ඡන්ද තීරාණාත්මක බවය.
එහෙත් ඊයේ මාධ්‍ය සාකච්ජාවේදි පොහොට්ටුවේ අපෙක්ෂකයාගේ සමස්ථ හැසිරිම දමිල සමාජයේ ඡන්ද කිසි ලෙසකින් වත් නොලැබෙන බව නම් ස්ථිර යැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් යාපනයේ සිවිල් ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේය.