දමිළ බස කථාකරන ජනයා ගැන දේශපාලන දැක්ම නැති සජිත් ප්‍රේමදාස නිසා , සජිත් මෝහාන් දැවැන්ත අර්බුදයක ?

0
316

sajith mohanමිගමුවේ වෙසෙන සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙකු කථා කරන්නේ දමිල බසය. මේ නිසාම දමිළ බස කථාකරන ජනයාගේ ගැටළු ගැන පැහැදිලි දේශපාලන ස්ථාවරයක් ඇති දේශපාලන බලවේගය කුමක්ද යන්න ගැන පොදුවේ දමිළ බස කථා කරන ජනයා සිටින්නේ බරපතල අවධානයකිනි.
එජාපයෙන් මැතිවරණ දේශපාලනයට පිවිසි වැල්ලවීදියේ සජිත් මෝගන් වරෙක දෙවනියට ඉහලම මනාව හිමි එජාප නාගරික මන්ත්‍රිවරයාද විය.
එයට ඔහුට බලපැවේ ඔහු එජාපයෙන් ඡන්දයට පිවිසිමය.
ඒ මන්දයත් පැවැති අර්බුදකාරි තත්වය හමුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සාපෙක්ෂකව හෝ දමිළ ජනයා ගැන කිසියම් හෝ අවධානයත් තිබුනේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එජාපය තුලවිම නිසාය.
එහෙත් දැන් සජිත් මෝහාන් මැතිවරණයට පිවිස ඇත්තේ සුළු ජාතින් ගැන කිසිදු ප්‍රගතිශිලි ස්ථාවරයක් නැති අඩුවැඩි වශයෙන් මහජාතියේ දේශපාලනය ගැන පමණක් හිතන සජිත් ප්‍රේමදාස නැමැති නුතන දැක්මක් නැති වැඩවසම් නායකයෙකුහා ගේ පිළකිනි..
ඊට දෙවන නොවන කිසිදු දේශපාලන දැක්මක් නැති සිය ආසන සංවිධායකයා වන දොස්තර කාවින්ද ජයවර්ධන තවත් අවාසියකි.
මේ පසුබිම තුල සජිත් මෝහාන් දේශපාලනික බරපතල අර්බුදයකට යමින් සිටින්නේ පසුගිය කාලය තුල ලංසා පවුලත් සමගින් වු සමිප සබඳතා සහ පැවැති ඇතැම් ඩිල් හේතුවෙන් විශේෂයෙන්ම දමිල ජනයා අතර දේශපාලන විවේචනයකටද බදුන්ව තිබියදිය.
එපමණක් නොව එදිරි කාලයේදි සජිත් මොහාන්ගේ මන්ත්‍රිධුරය ගැන පවා ඇති අවිනිශ්චිත බව හමුවේ දමිළ බස කථාකරන ජනයා අතර අන්කවරදාකටවත් වඩා සජිත් මොහාන් සිටින්නේ දැවැන්ත දේශපාලන අර්බුදයක් හමුවේය.
ඔහුගේ නායකයාව මෙන්ම මිගමුවේ නායකයාවද දමිළ බස කථා කරන ජනයා හමුවේ අලෙවි කළ නොහැකි භාණ්ඩ බවට පත්විම නිසා සජිත් මොහාන්ගේ දේශපාලන ජනප්‍රිය භාවය තවදුරටත් පිරිහි යමින් පවති.,ය
එය ලංසා වර්ගයේ බඩු බෙදිම්වලින් හදාගැනිමට දරන උත්සාහය ගැන ප්‍රගිතිශිලි දමිළ ජනයා අතර සජිත් මොහාන් දැන් හාස්‍යයට ලක්වෙමින් තිබේ.