දයාන් ලංසා මහින්දගෙන් නම් අපි මෛත්‍රි පිළේ ! -මීගමුව ශ්‍රිලනිප ජේෂ්ඨයෝ කියති .

0
81

ngb attack 3ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල  නියෝජිතයන් සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව පසුගිය 25 වෙනිදා ගම්පහ සණස ශාලාෙව්දි පැවැත්විණි.
දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  මන්ත්‍රීවරුන් 174න් 151ක්ම ජනපතිවරයාගේ නායකත්වය අවශ්‍ය බව සඳහන් කර ඇතැයි  මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.
කෙසේ වෙතත් වාර්ථා වන අන්දමට ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම හමුව සදහා මීගමුව මහනගර සභාවේ කිසිදු ශ්‍රිලනිප මන්ත්‍රිවරයෙකු සහභාගිව සිටියේ නැත.
තමන් ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට සභභාගි  වන්නේ මහින්ද පිළෙන් පමණක් යැයි මීගමුවේ මන්ත්‍රිවරුන්ද අවධාරණය කර තිබුණද පසුගිය 25 වෙනිදා ගම්පහදි පැවැති මාධ්‍ය හමුවට ගොස් තිබුනේ නැත.
මෙයට හේතුව වි ඇතැයි වාර්තා වන්නේ මන්ත්‍රි කණ්ඩායම දෙපිලකට බෙදි තිබිමය.
දයාන් ලංසා මහින්ද පිලෙන් ඉල්ලන්නේ නම් තමන් මෛත්‍රි පිළෙන් ඉල්ලන බවත් අපේ ඡන්දයත් අරගෙන දයාන්ලාට ඔටුනු පළදවන්න තමන් අවශ්‍ය නැති බවත් නම සදහන් කිරිමට අකමැති නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට ප්‍රකාශ කර සිටියේය.