දයාන් ලංසා සහ නත්තල් සීයා

0
375

නත්තල් දිනට පෙරදා විශේෂ රූපවාහිනි වැඩ සටහනකට සහභාගිවෙමින් කාර්දිනල් මැල්කම් රංජිත් හිමියන් පවසා සිටියේ නත්තල් සියාව අද වෙළෙන්දෙක් බවට පත්කරගෙන නඩන නාඩගම ගැනය.
පුංචි රෝමය යැයි විරුදාවලිය ලත් ලංකාෙව් බහුතරයක් කිතුනුවන් සිටින නගර වු මීගමුවේ දෙසැම්බර් 24 වනදා රාත්‍රියේ අප දුටුවේ වෙළෙන්දන් පමණක් නොව කසිකබල් දේශපාලකයන්ද නත්තල් සියාව සිය දේශපාලන චරිතය පුම්බා ගැනිමට යොදා ගන්නා අයුරුය
එදින රාත්‍රියේ නගරයේ විදි සංචාරය කළ අශ්වයන් බැදි කරත්තයකි. එහි පිටුපස නත්තල් සියා කෙනෙකි.පිනි මුවෙකුගේ අනුරුවක්ද විය.එමෙන්ම අශ්වයෙකු පිට නැගගත් ගොපළු තරුණයන් සේ හැඩවු අයෙක්ද විය.
මේ අශ්ව කරත්තයේ  ලොකු අකුරින් ලියා තිබුනේ දායන් ලංසා යන නමයි.
දයාන් ලංසා යනු අද මීගමුවේ දේශපාලනය ක්ෂේත්‍රයේ සිටින නම්දරන දාමරිකයෙකි.තවත් විශේෂන නාම ඕනෑ තරම් මේ නම ඉදිරියෙන් යෙදිමට හැක.
ඉතින් පුංචි රෝමයේ විදි පුරා ශා.නිකුලස් තුමා හෙවත් නත්තල් සියාගේ රුව කරත්තයක් මත තබාගෙන ගියේ එවන් දේශපාලකයෙකි.