දයාන් වෙනුවෙන් හොර වරිපනම් ලේඛන හැදු ලෙනාඩ් කොමසාරිස්ලාට පාටියක් දිලා !

0
78

red wineමීගමුව මහනගර සභාවේ හොර වරිපනම් ඇතුළු සකලාකාර හොර වැඩ ගැන නම් දරා සිටින කණ්ඩායමක් වෙයි .
එහි ප්‍රධානියෙකු සේ සැලකෙන කුරණ පදිංචි කරුවෙකු වු ලෙනාඩ් නැමැත්තා පසුගිය දිනක දයාන් ලංසා වෙනුවෙන් හොර වරිපනම් ලේඛන සකසා මාට්ටුවිම නිසා දැන් කූට ලේඛන සැකසිම යන බරපතල වරද යටතේ පරික්ෂණයකට යොමුව සිටින අයෙකි.
තතු එසේව තිබියදි ලෙනාඩ් නැමැත්තා විසින් පසුගිය දිනක මීගමුව සංචාරක පුරවරයේදි සාදයක් සංවිධානය කර තිබුන පව වාර්තා වේ.
මේ සදහා මීගමුවේ හිටපු නගරාධිපති මෙන්ම නාගරික කොමසාරිස්වරයාද සහභාගිව ඇතැයි වාර්ථා වේ.
හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර සහ ලෙනාඩ් පොන්සේකා වසර 28ක් තරම් පැරණි මිතුදහකට හිමිකම් කියන්නෝ වෙති.
එනම් ජයවීර විසින් සමුපාකාරයේ කළමණාකරණ ධුරය දරද්දි ලෙනාඩ් නැමැත්තා එහි සේවකයෙකු වශයෙන් සිට ඇත.පසුගිය කාලය තුලදි ඇන්ටනි ජයවීර වෙනුවෙන් බොහෝ දේ කළ අයෙකු ලෙසද ලෙනාඩ් නැමැත්තා දැන් නගර සභා ඉතිහාසයට එක්ව තිබේ.
සාද පැවැත්විම ගැන අප කාටවත් දොස් නොකියමු.
එහෙත් ලෙනාඩ් නැමැත්තා පළාත් පාලන නීතිය යටතේ බරපතල වරදක් කර ඇති අයෙකි.
තතු එසේව තිබියදි නාගරික කොමසාරිස්වරයා ලෙනාඩ්  විසින් සංවිධානය කර තිබුණ සාදයකට සම්බන්ධ වි සිටිම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද ?එපමණක් නොව එහිදි ඔහු කන්නට යෙදුන කෑම ගැන මෙන්ම බොන්නට යෙදුන රෙඩ් වයින් ඇතුළු තවත් දෑ ගැන තොරතුරු අප සතුය.
මේ අවස්ථාවකට එක්ව සිටි වැඩබලන තරුණ ඉජිනේරුවරයා ගැනද අපට ඇති තතු වාර්ථා වි තිබේ.
හොරවැඩ කරන ලෙනාඩ් නැමැත්තාගේ පාටියකට එක්ව සිටි නාගරික කොමසාරිස්ගෙන් අප බලාපොරොත්තු විය යුතු සාධාරණය කෙබදුද ?

මීගමුවේ පාලනය ඉදිරි කාලය තුලදි සිදුවන්නේ මෙවන් කොමසාරිස්වරයෙකු යටතේ නම් අපට කලින් පැවැති දේශපාලන අධිකාරියේ පාලනයට වඩා වෙනස් එකක් බලපොරොත්තු විය හැකිද ?
එපමණක් නොව තමන් අතේ සතේ නැති දුප්පතෙකු යැයි රටට කියන්නට උත්සාහ කරන ලෙනාඩ් නැමැත්තාගේ ඇත්ත පැටිකිරිය සවිස්තරාත්මකව අප සතුය.
ඔහු ගැන තවත් බොහෝ දැ මීගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් හෙළිකිරිමට අප  සුදානමින් සිටින බැව්ද මෙහිලා සදහන් කර සිටින්නෙමු.

Save

Save