දයාන්ගේ කුලි මැරයාට එරෙහිව මහජන සෞඛ්‍ය පරික්ෂකගෙන් පොලිසියට පැමිණිල්ලක් !

0
101
මහජන සෞඛ්‍ය පරික්ෂකට  පහරදුන් මැරයා හිටපු ජනපති හා දයාන් ලංසා සමග

මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකු ලෙස සේවය කරන හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ කුලි මැරයෙකු ලෙසද කටයුතු කරන තුෂාන් ක්‍රිස්මල් නැමැත්තා ජුලි 10 වෙනිදා රාත්‍රියේ බෝලවලාන ප්‍රදේශයේදි මහජන සෞඛ්‍ය පරික්ෂක වර්ණකුලසුරිය මහතාට නින්දිත ලෙස බැනවදිමින් රාජකාරියට බාධාකරමින් පහරදිමට යාම පිළිබදව 2017 ජුලි 11 වනදා මීගමුවට පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්ථා වේ.මී
මීගමුවේ පවතින අධිවසංගත තත්වය හමුවේ රාජ්‍ය නිළධාරින් දිවා රැ නොබලා සේවයේ යෙදි සිටියදි මෙසේ දේශපාලනයන්ගේ කුලි මැරයන්ගේ ප්‍රහාරයට ලක්වන්නේ නම් නගර සභාවේ කොමසාරිස්වරයා කියා සිටින්නේ කුමක්ද ?
මේ ගැන අදහස් දැනගැනිම සදහා අප අවස්ථා ගණනාවකදිම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ලලිත් මහතාගේ දුරකථනට ඇමතුම් ලබාගත්තද ඔහු අපට ප්‍රතිචාර දැක්වුයේ නැත.එමෙන්ම නියෝජ්‍ය කොමසාරිස්වරියගෛ් ජංගම දුරකථනයට අප අවස්ථා ගණනාවකදිම සම්න්ධ විමට දැරු උත්සාහයන් ගණනාවක්ද අසාර්ථක විය.මින් පැහැදිලි වන එක් කරුණක් වෙයි .එනම් යහපාලනය මිගමුවට පැමිණ නැති බවයි.
රාජපක්ෂලාගේ කුලි මැරයෝ තවමත් මැර කම් වල යෙදෙති.මීගමුවේ පරිපාලන අධිකාරියද උන්ව රකිති.
අහෝ යහපාලනය !!!!!!
මෙසේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පහර දුන් මීගමුව මහනගර සභාෙව් සෞඛ්‍ය කම්කරුවෙකු වන තුෂාන් නැමැත්තා සේවය සදහා යොදවා ඇත්තේ කුඩාපාඩුවේ වෙරළ උද්‍යානටය.
එහෙත් ඔහු සැමදා සේවයට එන්නේ විධායක ශ්‍රේණියේ නිළධාරියෙකු සේ ඇද පළදගෙනය.එහෙත් නාගරික කොමසාරිස්වරයා ඔහුට කිසිත් නොකියන්නේ ඇයි ?
එපමණක් නොව නියෝජ්‍ය නිමල් ලංසා විසින් ඩෙංගු මෙගා වැඩසටහන දියත් කිරිමෙන් පසු ඔහු සැම දිනකම මෙසේ විධායක ශ්‍රේණියේ නිළධාරියෙකු ලෙස ඇද පැළද ඒ වැඩසටහන ඇති සියළු තැන්වල සැරිසරයි.
තතු මෙසේ නම් මීගමුව නාගරික කොමසාරිස්වරයා තම රාජකාරිය නිසි ලෙසින් ඉටුකරයිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here