දරුවන්ට සෙල්ලම් පිට්ටනියක් ලබා දිම අමතකළ ඇමති ලංසා,ගුරුගේට දුන්න තෑග්ග ?

0
233

කලපු-ජැටමේ දිනවල මිගමුවේ පමණක් නොව මුළු රටේම කථාබහට ලක්වු කරුණක් වන්නේ මුන්නකරයේ දරුවන්ට ක්‍රිඩා පිටියක් නොමැති කමත් ඒ නිසා  කලපු දුපතක මේ දරුවන් දැනට ක්‍රිඩා කරන බවත්ය.
සැබැවින්ම මේ ධිවර දරුවන් හට ක්‍රිඩා පිටියක් ලබාදිම සදහා කිසියම් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම  මිගමුව පාලනය කළ සැම විසින් කළ යුතුව තිබුණි.kadole-destruction-1

එහෙත් තතු එසේව තිබියදි මිගමුව දශකයකටත් වැඩි කාලයක් පාලනය නිමල් ලංසා පුමුඛ පවුල මුන්නකරයේ දරුවන්ගේ ප්‍රශ්ණය කෙසේ වෙතත් කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගුරුගේට නම් අපුරු තෑග්ගක් දෙන්නට අමතක කර තිබුනේ නැත.කලපු-ජැටිය-ගුරුගේට-

දැනට  වසරකිහිපයකට  ඉහතදි ඉතා අලංකාර අන්දමෙන් සැකසෙමින් තිබුණ  මීගමුව කලපුව ආසන්නයේම වන ජැටියකි.
හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යපෘතියට අනුබද්ධිතව ජයිකා ජපන් ආධාර යටතේ මෙය  ක්‍රියාත්මක බැව් පැවසෙන දැන්වීම් පුවරුවක්ද  ඒ සමිපයේම විය.
විදේශිය ආධාර මත ගොඩනැගුණ ව්‍යාපෘතියේ පාලනය මීගමුව මහනගර විසින් පාලනය කරනු ලබන බවක් පෙනුනි.
එහෙත් මේ සියළු ආයෝජනයන්ගේ ප්‍රතිලාභයන් මීගමුවේ එක් ප්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් භුක්තිවිදිමට නියමිත බව අප මීට වසර කිපයකට ඉහතදි මීගමුවේ ජනතාව වෙත හෙළිකර සිටියෙමු.
දැනට මෙහි ගුරුගේ නම් ව්‍යාපාරිකයා සංචාරකයන් සදහා සුපිරි බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන අතර මේ සේවාව සදහා ප්‍රවේශපත් නිකුත් කිරිමට දැකුම්කළු කාර්යාලයක් මෙහි තනා ඇත.
ඒ අනුව මෙය කාගේ දේපලක්ද??
මේය කට්ටුදැල් ධීවරයන්ගේ  තොටුපල නම් එය ව්‍යාපාරිකයෙක් හට පරිහරණයට ඉඩ දි ඇත්තේ කට්ටු දැල් ධීවර සමිතියේ  දැනුවත් භාවය මතද?
ඉහත අප විසින් මතුකළ සියළු ප්‍රශ්ණ වලට පිළිතුරු දැන් ලැබි ඇත.
ඒ අනුව පෙනි යන්නේ විදේශාධාර මත ඉදිකෙරෙන මීගමුවේ සියළු සංවර්ධන ව්‍යාපෘතින්ගේ පාලනය හා එහි ප්‍රථිලාභ මීගමුව මහනගර සභාව විසින් පුද්ගලික අංශයට කිසිදු හිරිකිතයකින් තොරව පවරා දි ඇති බවය.
මුන්නක්කරයේ දරුවන් අමතක වුවද ඇමති නිමල් ලංසාට ගුරුගේ අමතක වුයේ නැත.