දවස සරිකර ගැනුමට මාකඳුරේ සිට මීගමුවට එන පලාමිටිය…

0
480

මුකුණුවැන්න, සාරණ, වැල්පෙනෙල , කංකුං සහ රම්පෙ වැනි පලා වර්ග මිටිබැඳ මීගමුව , කට්ටුව කතෝලික දේවස්ථානය අසල තබාගෙන විකුණන අම්මෙක් සහ පාසැල් දරුවකි.

ඇය නමින් විනිප්‍රීඩා බවත්, ජීවත්වීම සඳහා තමන්ගේ ස්වාමියා කරන කුලීවැඩ ප්‍රමාණවත් නැති නිසා තමන්ද මුදලක් හොයා ගන්නට මෙම කීර විකිණීම කරන බවත් ඇය මා සමග පැවසීය .

මෙම රස්සාව දැනට අවුරුදු තුනක පමණ සිට කරන බවත්, මේ සඳහා තම මවද, පාසැල් යන දරුවන්ද සම්බන්ධ කරගන්නා බවත් කියයි .
පාසල් යන 11වසර සහ 4 වසර දරුවන් දෙදෙනා, මව සහ ස්වාමියා ඇතුළු සිය පවුලේ කටයුතු කරගෙන යාම අදවනවිට ඉතා අපහසු තත්ත්වයක පවතින නිසා මේ රස්සාව කරන බව පවසන ඇය දිරිය කතක් බව කිවයුතුය .

අද කාන්තාව අත්විඳින ශෝචනීය තත්ත්වය නිතර මාධ්‍ය තුළින් ද අප නිතර අසන්නෙමු, දකින්නෙමු. ජීවත්වීම සඳහා මැදපෙරදිග වැනි රටවලට ගොස් අනේකවිද දුක් කන්දරාවක් විඳදරා ගන්නා, වෙළඳකලාපය තුළ සොච්චම් වැටුපක් ලැබීමට තම ජීවිතය අනුන් වෙනුවෙන් වැයකරන , අපේ අක්කලා, නංගිලා, අම්මලාගේ කරුම ජීවිතය උරුමයක් බවට පත්වී ඇත . දුප්පත්කම සහ අසරණ කම විසින් විනිප්‍රීඩාටද මහපාර අයිනේ මෙසේ පලා විකිණීමට බල කෙරී ඇත්තේද ඒ අනුවය.

සැම්සන් ඥානසිරි