”දශක 3ක් තිස්සේ අවතැන්වුවන් නොසලකා හැරීම ගැන මමත් වගකිව යුතුයි” – රහස් පොලිසියෙන් එලියට ආ මංගල කියයි (VIDEO)

0
97
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
 (මැයි 14) දින පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවනු ලැබූ මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයාගෙන්එහි නිලධාරීන් පිරිසක් පැය 5කට වැඩි කාලයක් තිස්සේ ප්‍රශ්න කර තිබු අතර තවදුරටත් කරුණු විමසීම සඳහා ලබන අඟහරුවාදා (19) පෙරවරු 9.00ට පැමිණ පැමිණෙන්නැයි දැනුම් දී තිබිණ.

හිටපු මුදල් ඇමතිවරයා ගෙන් අද දිනයේ ප්‍රශ්න කර ඇත්තේ,  පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අවතැන් වූවන් 12,500 දෙනෙකුට පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ඒමට ප්‍රවාහන  පහසුකම් ලබාදීමට, පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ යටතේ ඇති ‘අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය’ මගින් පුත්තලම ශ්‍රී  ලංගම ඩිපෝවට මුදල් ගෙවීමට මුදල් අමාත්‍යංශයෙන් අනුමැතිය ලබා දුන්නේ ද යන කාරණය සම්බන්ධයෙනි.

ප්‍රකට ‘වොයිස්කට්’ හිමිනමක් විසින් කල පැමිනිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භකර තිබේ. පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා බස් රථ 22 කින් පුත්තලමේ  සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක මුදලක් රජයෙන් ගෙවීමට අනුමැතිය ලබා දී ඇතැයි කියමින් උන්වහන්සේ මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

 

”ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් ද සතුටු වෙනවා ”

අද දින කට උත්තරයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  පිටතට පැමිණි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ, එල්ටීටීඊ සංවිධානයේ  බලපෑමට ලක් ව අවතැන්වූ මේ රටේ පුරවැසියන් පිරිසකට ඡන්ද අයිතිය ලබා දීමට හැකිවීම පිළිබඳව තමන් මුදල් ඇමැති වශයෙන් පමණක් නොව, ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් ද සතුටු වෙන බව රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම හමුවේ  පැවසූ බවයි.   පැය පහකට අධික කාලයක් තමන්ව ප්‍රශ්න කළ බවත් එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැදගත්  ආකාරයට ඔවුන්ගේ රාජකාරි සිදු කළ බව ද පැවසූ හිටපු අමාත්‍යවරයා, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මිට දසක 3කට ඉහත දී උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් අවතැන්වුවන්ට ස්ථිර විසඳුමක් ලබාදීමට නොහැකිවීම ගැන රාජ්‍ය පාලනයට හවුල්ව ඇමතිවරයකු ලෙස ද කටයුතු කර ඇති තමා වගකිව යුතු බවයි. තමා ද එහි වරදකරුවකු බව ඔහු කියා සිටියේය.

කෙසේවුවද එසේ අවතැන්වූ ජනතාවකගේ මුලික අයිතියක් වෙනුවෙන්, එනම් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මැදිහත්වීමට සිදුවීම ගැන සතුටුවන බව ඔහු අවධාරණය කර සිටියේය.

මිට ඉහතදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද අවතැන්වුවන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන්ප අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බව සඳහන් කළ මංගල සමරවීර, එය වරදක් නොව ඕනෑම රජයක අනිවාර්ය වගකීමක් බවද කියා සිටියේය.


theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here