දසුන් ශානකගෙන් තේරීම් කමිටුවට තද ටොක්කක් !

0
251

dasun-shanaka-450x270මීගමුව ශා.පීතර මධ්‍ය මහා විද්‍යාලයෙන් හා මීගමුව මරිස්ටෙල්ලා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි දසුන් ශානක ක්‍රීඩාලෝලීන් විසින් හදුනාගන්නේ අවශ්‍යම අවස්ථාවල දැවැන්ත පහරවල් මගින් ලකුණු රැස් කල හැකි,හැකි ඕනෑම අවස්ථාවක කඩුළු දඩයමේ යෙදීමට හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසය.

එමෙන්ම මෑත කාලීනව තේරීම් කමිටු තීරණ මගින් දැඩි ලෙස අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනා අතරින් එක් අයෙකු ලෙසද දසුන්ව හැදින්වීමේ වරදක් නැත.
කණ්ඩායමේ ස්ථානයක් හිමිවූ බොහෝමයක් අවස්තාවල සිය කණ්ඩායමට සාධාරණයක් ඉෂ්ඨ කල දසුන් ජාත්‍යන්තර ලීග් තරගවලදී මෙන්ම දේශිය තරගවලදීද කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්වීමට සමත් විය.

නමුත් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක වන විටවත් දසුන්ට අවස්ථාවක් ලබාදීමට තේරීම් කමිටුව උත්සහ නොකිරීම ඇත්තෙන්ම ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කරන්නකි.

මේ වන විට පැවැත්වෙන ශ්‍රිලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංගගේ හිස්තැන පිරවීමට දසුන්ව කණ්ඩායමට කැදවූවත් දෙවන තරගයේදී දසුන්ට අවස්තාවක් හිමිවුයේ නැත.

මේ වන විට පැවැත්වෙන තරගාවලියේ තුන්වන හා අවසන් එක්දින තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් ලද දසුන් මේ වන විට තේරීම් කමිටුවට ටොකු පිට ටොකු අනිමින් සිටින ආකාරය අපට දැකගත හැකිය. පන්දුවට පහර දෙමින් කණ්ඩායමට අවශ්‍යම මොහොතේ පන්දු 14කින් ලකුණු 30ක් රැස් කල දසුන් තමන්ගේ සුපුරුදු පිතිහරඹයෙන් තේරීම්කමිටුව නිරුත්තර කිරීමට සමත් විය. හ
මේ වන විට සිය පන්දුවෙන් කණ්ඩාමට දැඩි සාධාරණයක් ඉටු කරමින් සිටින දසුන් කඩුළු 3ක් දවාගෙන අවසන්ය.
කෙසේ හෝ තමන්ට අවස්තාවක් ලද අවස්ථාවේදී කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිඩකයාගේ ස්ථානයට තමන් ගැලපෙන බව දසුන් මේ වන විට පුන පුනා ඔප්පු කරමින් සිටියි.
මින් පෙර කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩකයා වශයෙන් ක්‍රීඩාකල තිසර මේ කාල වකවානුව තුල අසාර්ථක වන අතර එවැනි අවස්ථාවක දිගින් දිගටම තිසර කණඩායමේ රදවා ගැනීම තිසරටද සිදුකරන අසාධාරණයකි.නැවතත් සිය රිද්මයට පැමිනීමට තිසරට අප ඉඩ දිය යුතුය.