දළුපත මේ ලිඳ හැර තවත් ලිං තිබේද?

0
626

 well

(12.05 pm )මේ මීගමුව දළුපත දෙනියපාරේ පාරේ පෞද්ගලික ඉඩමකට අයිති භාවිතා නොකරන ලිදකි.
මේ ලිද හැර තවත් මෙවැනි ලිං දළුපත  ඇත.
ඒනිසාම ඕනෑ තරම් ඩෙංගු රෝගීන් ද ඇත.
අපි මීට පෙරද සදහන් කර ඇති පරිදි මීගමුවේ පසුගිය වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ දළුපතින්ය.
ඉදිරියේදී පාලකයින් නොදුටු එවැනි ලිං සහ මදුරුවන්ගේ කේෂේමභූමි අප පෙන්වා දෙන්නෙමු. එමෙන්ම මේවා සදහා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සිට නගරාධිපති දක්වා බලධාරීන් ගේ කාර්යභාරය කුමක්දැයි විමසා සිටිමු.
පසුගිය වසරේ මැයි මාසය වනවිට මීගමුව තුල ඩෙංගු රෝගින් 536 ක් වාර්ථා වි ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ දත්ත විසින් සනාථ කර  සිටියේය.
එකි වාර්ථා වලට අනුව ජනවාරි මාසයේ 144 ක්ද,පෙබරවාරි 24 ක්ද ,මාර්තු 134ක් ද. වු අතර අප්‍රෙල් මාසයේ මේ අගය 211 ක් වි තිබුණි.
මේ කාලය තුල වැඩිම ඩෙංගු රෝගින් ගණනක් වාර්ථා වි ඇත්තේ දළුපොත ප්‍රදේශයෙනි.ඒ ගණන 111 කි.
යහපාලන රජයේ ඇමතිවරයෙකු වන නිමල් ලංසා නිවස පිහිටා ඇත්තේද දළුපත ප්‍රදේශයෙ වුවත් දැන් ලංසා පවුලේ සියළුම සාමාජිකයන් ජිවත්වන්නේ  ඔස්ට්‍රෙලියාවේ නිවසක් මිලට ගෙනය.
එබැවින් යහපාලන ඇමතිවරයාගෙ පවුලේ කිසිවෙකුත් මෙම ඩෙංගු අවධානමට ලක්වන්නේ නැත.
පසුගිය වසරේ මැයි මාසය වන විට මීගමුව රෝහල තුල සිදුව ඇති ඩෙංගු මරණ  ගණන 4 ක් වන අතර ඉන් අවසන් මරණය වාර්ථා වි තිබුනේද  දළුපොත ප්‍රදේශයෙනි .
මිය කාන්තාවගේ දියණියගේ විවාහ මංගල්‍ය කටයුතු තවත් සති 2 කක් තිබියදි ඇගේ මවට ඉතා අවාසනාවන්ත ලෙසින් ජිවිතෙන් සමුගන්නට සිදුව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here