දායන් ලංසාගේ කීමට හොර වරිපනම් වාර්ථා හැදු නිළධාරින් කිපදෙනෙකුගේ රැකියා අනතුරේ ?

0
85

Dayan Lදයාන් ලංසා ගේ කිම නිසා මහනගර සභාවේ විදුලි බල අංශයේ කම්කරුවෙකු වන තිසේරා නැමැත්තා මෙන්ම ඔහුට හොර වරිපනම් වාර්ථා හැදු ලෙනාඩ් නැමැත්තාගේද රැකියා අනතුරේ යැයි මීගමුව නගර සභා ආරාංචි මාර්ග දක්වා සිටි.
එපමණක් නොව ඇතැම් ඉහල නිළධාරින්ගේද අත්සන් හොරට ගසා ඇති මේ හොර වරිපනම් වාර්තාව නිසා තවත් අර්බුද රැසක් දැන් එලියට එමින් තිබේ.
මේ නිසාම පරිපාලන අධිකාරිය මෙන්ම දේශපාලන අධිකාරියද එක්ව මේ හොර මගඩිය කෙසේ හෝ යට ගසා දායන් ලංසාව මෙන්ම රැකියා අහිමි විමට නියමිත නිළධාරින් බේරාගැනිමේ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක විමට නියමිත බව සැලය.
කෙසේ වෙතත් මේ  නිළධාරින්ට දැන්  අනුර සේනානායකව රැට හීනෙන් පෙනෙන්නට පටන් ගෙන ඇතැයි නගර සභාව තුල විහිළු කථාවක්ද පටබැදෙමින් තිබේ.