දායන් ලංසාලාට එරෙහිව හිටපු නාගරික මන්ත්‍රි කපිල මෛත්‍රි පිලෙන් මීගමුවට ?

0
48

kapila 10එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා මීගමුව හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහින්ද පිළෙන් තරගවැදිමට නියමිත  දයාන් ලංසා ඇතුළු පාර්ශවයට  එරෙහිව මෛත්‍රි පිළෙන් තරග කරන්නට තිරණය කර අතැයි අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.
හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන විසින් පසුගිය කාලය තුල ලංසා පවුලේ දුෂණ වංචා ගැන ප්‍රසිද්ධියේ කථා කිරිම හේතුවෙන් වරෙක මරාන්තික මන්නා පිහි ප්‍රහාරයකටද ගොදුරුවුවෙකි.
මේ ප්‍රහාරය දයාන් ලංසා ප්‍රමුඛ මැර කල්ලියක් විසින් සිදුකරන්නට යෙදුන බව ගැන පොලිස් පැමිණිලි තිබුණද අදටත් මේ මැරයන් නීතිය හමුවට ගෙන එන්නට පොලිසිය අදටත් අසමත්ය.
එමෙන්ම මීගමුවේ ජේෂ්ඨ මුස්ලිම් නාගරික මන්ත්‍රිවරයෙකු වන ෆරිස් මහතාද මෛත්‍රි පිළෙන් තරගවැදිමට නියමිතව ඇති අතර ශ්‍රිලනිප බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එම් .සකාවුල්ලා මහතාගේ සහයද මීගමුවේ මෛත්‍රි පිළට ලැබෙනු ඇති බවට දැනටමත් මීගමුවේ දේශපාලන කවයන් අතර කථාබහ වෙමින් තිබේ.