දැඩි සත්කාර ඇදන් 70 න් 63 කම කොරෝනා ලෙඩ්ඩු ….

0
49

රටේ පාලකයන් විසින් පාලනයකින් තොරව රට විවෘත කිරිමට පියවර ගැනිමත් , ජනතාව කිසිදු වගකිමකින් තොරව කටයුතු කිරිමට පටන් ගැනිමත් නිසා මේ වන විට රටපුරා කොරෝනා යළිත් වරක් පැතිර යමින් තිබේ.
පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ මංගල උත්සව ගණනාවකින් කොරෝනා වෛසරය ආසාදනය වුවන් ගැන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
සෞඛ්‍ය බළධාරින් පවසා සිටින අන්දමට කොරෝනා රෝගින් සදහා වෙන්ව ඇති දැඩි සත්කාර ඒකක ඇදන් 70 න් මේ වන විට 63 ක්ම පිරිගොස් ඇතැයි සදහන්ය.
තතු ඒසේව තිබියදි කොරෝනා වැඩි අවධානම් කලාපක් ලෙසින් දැනටමත් නම්කර ඇති ගම්පහ දිස්ත්‍රික්කය වැඩිම වශයෙන් කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්න සිටින තැන බවටද පත්වෙමින් තිබේ.
දුෂිත දේශපාලකයන් මෙන්ම දුෂිත නිලධාරින්ගේද සහය ඇතිව කොරෝනා නිති උපදෙස් වලට වෙට්ටු දමා යමින් මංගල උත්සව පමණක් නොව දැවැන්ත ව්‍යාපාරික සංදර්ශනයක්ද වැඩියෙන් පැවැත්වෙන දිස්ත්‍රික්කය බවටද ගම්පහ පත්වෙමින් තිබේ.