දැඩිසත්කාරයට ගිය ගුරාමියා…..

0
656

අපේ ගෙදර පොකුණේ දැනට අවු 5ක 6ක ඉදලා ලොකු ගුරාමි 3න් දෙනෙක් ඉන්නවා. වෙනත් වර්ගවල මාලුත් එක්ක එයාල සමගියෙන් ඉන්නවා.හැබැයි ළගදි එයාලගෙ තරමේ ලොකු ගුරාමියෙක් ගෙනත් දැම්මහම ඌට හොදටම කෙටුවා, තුවාල වෙන්නම, එයාල කැමති නැහැ එයාලගෙ තරමේ ලොකු අය තවත් එනවට. හැබැයි පොඩි ගුරාමි ගෙනත් දැම්මහම උන් හැංගිලා ඉන්නවා.

ලගදි දවසක මෙහෙම හිටපු  පොඩි ගුරාමි දෙන්නෙක් දවස් දෙකකදි මැරැණා. අපි හිතුවෙ එයාලට ලොකු අය කොටලා කියලායි. එයාලගේ පට ගිහින් රතු පාට වෙලා තිබුනා. පස්සේ දවසේ ටික ටික ලොකු අයත් ලොකු අයත් රතු පාට වෙන්න ගත්තා. මාලුන්ගේ සෙවල වතුරට මිශ්‍රවෙලා වගේ තිබුණා. අපි ඉක්මනට වතුර අස් කරා. .
වතුර අස් කරන්න ගිහිනුත් ලොකු ගුරාමිය දගලලා තුවාල කරගත්තා
. දැන් උන්ට හොදටම අසනීපයි. අපි දන්න විදියට පොකුණට ලුණු දාල මාලුන්ට දාන බෙහෙත් එකක් ගෙනත් දැම්මා. ඒත් ඒක හොද ප්‍රතිකාරයක් උනේ නෑ. දවල් වෙනකොට ලොකුම ගුරාමියා අනිත් පැත්තටම හැරෙනවා. ඌට උගේ ඇගයි ,බරයි, පාලනය කරගන්න බෑ. මේක බලාගෙන ඉන්න අපට හරිම අමාරැයි. කොහොම හරි අපි මාලුවට කෝටුවක් තියලා සැරින් සැරේට ඌට කෙලින් වෙන්න උදව් කලා. ඒත් එන්න එන්නම ඌ දුර්වල උනා. ඒත් අම්මා කිව්වා අපට මාලුන්ටත් කණ වැල අල්ලන්න වුනානේ කියලා.
ඒත් මේ උපස්ථාන සේරටම පස්සේ පහුවදා උදේ ලොකුම ගුරාමියා අපෙන් වෙන් වෙලා ගිහින් තිබුණා
.  මාලුවා මැරෙන බර කිලෝ ග්‍රෑම් 1.5 ඌ අගල් 7ක් පළලයි, අගල් 17ක් දිගයි. අපි උගේ පිංතූරයක් අරගෙන ඌව වළලලා දැම්මා.

ඉන් පස්සේ අපි අනිත් මාලුවන්ව බේරගන්න ඕන නිසා එයාලවත් පිංතූර අරගෙන කුරණ මාලු සේල් එකට ගියා, එතන අතුල මහත්මයා හමුවෙලා පිංතූර පෙන්නලා විස්තරේ කිව්වා, අපි දාපු බේත් එක වැඩිපුර දාන්නත් ලුණු කැට කිලෝ ග්‍රෑම් 1ක් ව්තර දාන්නත් කියා ඔහු අපට කිව්වා,  මාලුන්ට දිලීර රෝගයක් හැදිලා  කිව්වා, අපි ගෙදර ඇවිත් කියපු විදියටම කරා,
අපේ පොකුණ ලොකු වැඩි නිසා අපි උන්ව ටැංකියකට දැම්මා
, උන්ට ඔක්සිජන් ප්‍රතිකාර දුන්නොත් බේර ගන්න පුලුවන් වෙයි කියලා NARA ආයතනයේ මහත්මයෙක් අපේ තාත්තට කියලා තිබුනා, ඊටපස්සේ අපි දවස් 3ක් එක දිගට ම මාලුන්ට ඔක්සිජන් දුන්නා ,දවස ගානෙම ලුණු කැට සහ බෙහෙත් දැම්මා ,දවස් 3කට පස්සේ මාලු ටිකක් වරල් ගහලා දගලන්න පටන් ගත්තා, උන්ගෙ ඇගේ පාටත් සාමාන්‍ය වේගෙන ආවා ,කෑමත් ටිකක් කන්න පටන් ගත්තා. ඔය විදියට අපි හැමෝගෙම සැලකිල්ල ඇප උපස්ථාන හින්දා ඉතිරි මාලු ටික බේරැණා. දැන් උන් ආයෙත් කලින් වගේම දගලලා කෑම කාල ඉන්නවා. ඉතින් අපි පොකුණත් අලුත්වැඩියා කරලා මාලුන්ට නිරෝගීව හා පහසුවෙන් ඉන්න සලස්වලා දුන්නා. දන් එයාල කලින් වගේම නිරෝගීව ඉන්නවා….