දින 100 දී වත් මීගමුව රෝහල ගැන අවධානයක් නොලැබේවි ද?

0
72

මීගමුව රෝහලේ ඇති ප්‍රධාන ගැටළු පිළිබදව මීගමුව නගරයේ ජනතාව මෙන්ම  තවත් ක්ෂේත්‍රවල පිරිස්  කාලයක පටන් හඩ නගන්නේ මෙම ප්‍රශ්නය ඉක්මණීන් විසදාගැනීම වෙනුවෙනි. රෝහලේ ඇති නව ගොඩනැගිල්ලේ  ඇති අබලන් තත්ත්වය මෙන්ම රෝහලේ ඇති අඩපාඩු රැසක් විසදාගැනීමට තිබේ. මීගමුව රෝහල්  සංවර්ධන පදනම විසින්ද කාලයක් තිස්සේ මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස යෝජනා හා සැලසුම් රජය වෙත ඉදිරිපත් කරමින් සිටිති. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයෛ් නිලධාරීන්ගේද මේ සම්බන්ධයෙන් කිසිදු උන්නදුවක් හෝ උත්සාහයක ප්‍රගතියක් පෙනෙන්නට නැත.
2014 වසරේ ඔක්තෝම්බර් 14 වනදා   බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී මන්ඩල සාමාජිකයන් පිරිසක්ද රෝහලේ අඩුපාඩු නිරීක්ෂණය කිරීමේ චාරිකාවක යෙදුණි. තවමත් මේ සම්බන්ධයෙන් රජය පැත්තෙන් කිසිදු සුබදායක ප්‍රතිචාරයක් නොමැත.
හිටපු සෞඛ්‍ය අමත්‍යවරයා දැන් රටේ ජනාධීපතිවරයා වී ඇති අවස්ථාවකදීවත් මීගමුවේ ජනතාවගේ මෙම ප්‍රශ්නය ගැන අවධානයක් යොමු වනවා නම් යහපතකි. DSC06848 DSC06830n
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්