දිව්රුම් දුන් පසු පුත්තලමෙන් ආණ්ඩුවට පනින්නේ කවුද?

0
54

3monkeys and moneyමේ දිනවල වයඹ මැතිවරණ ප්‍රතිපළ මෙන්ම වයඹ ඡන්දය දිනූ හැටි ගැන ද කයිවාරු කතා එමටය.  මේ අතර නාත්තන්ඩිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකළ පාක්ෂිකයන් අතර වැඩිපුරම කතාබහට ලක්වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී මනාප 14852 ක් ලබාගත් 04 වෙනි ස්ථානයට පැමිණ ඇති අශෝක ප්‍රියන්ත පිලිබඳවයි.
අශෝකගේ මැතිවරණ ව්‍යාපාරයේදී ආණ්ඩු පක්ෂයෙන් ලැබුණ සහය මෙන්ම විපක්ෂය දෙකඩ කිරීමේ උවමනාවෙන් වැඩකරන සජිත් ප්‍රේමදාස මහතාගෙන්ද විශාල සහයෝගයක් ලැබුණ බව මහවැව -නාත්තන්ඩිය ප්‍රදේශයේ ජනතාව පවසති.
එමෙන්ම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී  ඔහු කර තිබූ ප්‍රකාශ ඉදුරාම සන්ධාන ආණ්ඩුවට සහය දැක්වූ ප්‍රකාශ මෙන්ම, විපක්ෂ විරෝධී මතයක් ඒ ප්‍රදේශයේ ජනතාව අතර පැතිරූ බවද එජාප ක්‍රියාකාරීන් පවසති.
මෙම හේතුව නිසා නාත්තන්ඩිය ආසනයේ සමහර එජාප ක්‍රියාකාරීන් මෙම පුද්ගලයා ට ජන්දය දීමෙන් වැලිකී සිටින ලෙසද ජනතාව දැනුවත් කර සිටි බවද වාර්තා විය.
සියලූම යූන්පී අපේක්ෂකයින්ගේ ජන්ද පෝස්ටර්  ,කටවුට් ඉවත්කරන විට අශෝකගේ පමණක් පෝස්ටර් ඉවත් නොකර  තිබූ බවද ඔවුහු පවසති. එමෙන්ම ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෙකුගේ වැලි කැපීමේ  කොන්ත්‍රාත්  ලැබිමට තරම් අශෝක ප්‍රියන්ත පින්වත්තවෙකු වි තිබුනි. මේම හේතු පදනම් කර ගනිමින් මේ දිනවල පාක්ෂිකයන් අතර මතුවී ඇති අදහස වන්නේ වයඹ පළාත් සභාවේ දිව්රුම්දුන් පසු  අශෝක  ප්‍රියන්ත එක්සත් ජනතා නිදහස්  සන්ධාන පාර්ශවයේ වාඩිවීමට ඇති ඉඩකඩ වැඩි බවය.