දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය රංජන් රාමනායක හමුවෙනවලු ?

0
149

Ranjan R 1ශ්‍රිලංකා පරිපාලන සේවා සංගමය හෙට ( 2017 /01/30 ) සදුදා ගම්පහ දිස්ත්‍රික්කය තුල සිය රාජකාරිවලින් බැහැරව සිටිමට තින්දු ගෙන ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මේ අනුව මීගමුව මෙන්ම කටානද ඇතුළු අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලද මෙය පැවැත්විමට නියමිත බැව් සැලය.
මේ අතර දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය නියෝජ්‍ය ඇමති රන්ජන් රමනායක මහතා හමුවිමට නියමිත බවට පුවතක්ද දැනට වාර්ථා වි තිබේ.
එනම් ඊයේ දිනයේ අනුරාධපුරයේ එජාප රැළියට එක්ව සිටි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය පුද්ගලික දුරකථනයෙන් තමන් වෙත දන්වා ඇත්තේ දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය තමන්ව හමුවිමට පැමිණිමට නියමිත බවය.
එමෙන්ම මෙම රැස්විමේදිද නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කර සිටියේ මොනයම් තත්වයක් යටතේ හෝ තමන් කිසිසෙත්ම ප්‍රාදේශිය ලේකම්වරියගෙන් සමාව ඉල්ලන්නේ නැති බවය.