දිවුලපිටියේ පාසැලක 1600 ක් නිරෝධායනට යොමු කෙරේ …

0
71

stock-vector-shelter-in-place-pandemic-of-coronavirus-and-social-distancing-staying-at-home-with-self-1671084835කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(04) දිනයේ තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස් තුලටම වී සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත.

කොරෝනා ආසාදිත මෙම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ළමුන් 1600කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇතැයි අද වෙබ් අඩවිය සදහන් කොට තිබේ

සිසුවිය අධ්‍යාපනය ලැබු එම පාසැලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුන්ගේ සහ උගන්වනු ලැබූ ගුරු භවතුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත පිරිසගේ ලැයිස්තුව පාසලේ විදුහල්පතිවරයා විසින් අද දිනයේදී ලබාදීමට නියමිත බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.