spot_img
spot_img
Sunday, October 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home News දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 ක් නිරෝධායනයට ! ගම්පහ 80කට PCR ...

දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 ක් නිරෝධායනයට ! ගම්පහ 80කට PCR පරීක්ෂණ !

0
120

Coronavirus-outbreak-1

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුර ඔස්සේ ඇතිවූ කොවිඞ් 19 ආසාදිතයින් මේ වනවිට දිස්ත්‍රික් 16 කින්  වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මහනුවර, මාතලේ, කෑගල්ල, පුත්තලම, යාපනය, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ගම්මාන 116 කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයි ද උපුල් රෝහණ මහතා කියා ඇත.

මේ ආසාදිතයින් ඇසුරු කළ 3000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇතැයි පැවසූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා නිරෝධායන මධ්‍යස්ථානවල මෙන්ම නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පිරිසක් ද ඒ අතර ඇතැයි කියා සිටින උපුල් රෝහණ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ කොවිඞ් 19 රෝගය පැතිර යාමේ අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, මුහුණු ආවරණ පැළඳීම, දෑත් නිරන්තර පිරිසිදුව තබා ගැනීම සහ සෙනග ගැවසෙන ස්ථාන මඟහැර සිටීමත් අත්‍යවශ්‍ය  බවය.
මේ අතර  කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති, ගම්පහ ප්‍රදේශයෙහි පුද්ගලයින් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් 80 දෙනෙකු පමණ පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීම අද (15) ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි.

කන්දකාඩුවෙහි මත් ද්‍රව්‍යකරුවන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානයක කටයුතුකර ඇති බණ්ඩාරවත්ත සහ වැරැල්ලවත්ත පදිංචිකරුවන් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් පිරිසක් හා   ගම්පහ අධිකරණයෙහි පිරිසක් මෙලෙස පරීක්ෂාවට ලක් කිරීම  ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.
මුලාශ්‍රය – ලංකාදිප