දුක කියන්න පැමිණි අසල්වැසියාට චණ්ඩිපාට් දැමු මාධ්‍යවේදිෙයක්.?

2
78

 press con 3press con 1නිදහසේ වේදිකාව විසින් 2013  අගොස්තු 13 වනදා සවස මරදාන සාමාජ හා සාමයික කේන්ද්‍රයේදි මාධ්‍ය සාකච්ජාවක් සංවිධානය කර තිබුණි. අතුරුදහන් වුවන්ගේ ප්‍රශ්ණය,අවැතැන්වුවන්ගේ ප්‍රශ්ණය ,සහ මාතලේ සමුහ මිනිවල පිළිබදව මෙහිදි සාකච්ජාවට බදුන් විය.
ඒ වෙනුවෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් වෙනුවෙන් මන්නාරමේ සිට පැමිණි මව්වරුන් දෙදෙනෙකුද වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාෙව් සභාපතිවරයාද උතුර නියෝජනය කරමින් සිටි අතර නිදහසේ වේදිකාව සහ අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව  නියෝජනය කරමින් බ්‍රිටෝ ප්‍රනාන්දු ද ජාතික ධීවර සහයෝගිතාවය වෙනුවෙන් ඇන්තනි ජේසුදාසන් සහභාගිව සිටියහ.
සවස 3.45 ට ආරම්භ වු මෙම මාධ්‍ය සාකච්ජාව සවස 5.00 ට අවසන් විමට නියමිතව තිබුණි.
මුලින්ම අදහස් දැක්විම සිදුකරන ලද්දේ මන්නාරමේ සිට පැමිණි මවක් විසිනි.
ඇය මුලික වශයෙන් පවසා සිටියේ ඇගේ පුතාව නාවික හමුදාව විසින් පැහැරගෙන ගිය බවට සැක කරන බවය. හේතුව ලෙසින් පවසා සිටියේ තම පුතු විසින් මිළට ගෙන තිබුණ අති නවින පන්නයේ යතුරුපැදිය අවස්ථා ගණනාවකදි නාවික හමුදාව විසින් ඉල්ලා තිබුණ බවත් පසුව තම පුතු අතරුදහන් වුයේද ඒ යතුරු පැදියද සමගින් බවය.
වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාවේ සභාපති සුගිර්තන්  අධිආරක්ෂක කලාප හමුවේ තමන්ගේ උන්හිටි තැන් අහිමි වු ජනයාගේ ප්‍රශ්ණ ගැන අභියෝගාත්මක කරුණු දැක්විමක් සිදු කළේය.
මේ දෙදෙනාම නිර්භයව සිය අදහස් පළකර සිටියේ තමන් පෙළන ඇත්ත ප්‍රශ්ණය මාධ්‍ය හමුවේ තබමිනි. සමාන්‍යයෙන් ඕනෑම මාධ්‍ය සාකච්ජාවදි මාධ්‍යවේදින් සදහා ප්‍රශ්ණ ඇසිමේ වාරය ඇත්තේ සියළු අදහස් දැක්විම් වලින් පසුවය.
එහෙත් පළමු අදහස් දැක්විමෙන් පසුව ඒ මවගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරිමට පෙරමුණ ගත් මාධ්‍යවේදින් පිරිසක් සිටියේය.
ඒ අතර ු පෙරමුණ ගත්තෙකුද විය.
මෙසේ ප්‍රශ්ණ ඇසිමේ ස්වභාවය නිරික්ෂණය කල එහි සිටි බොහොමයකට තේරුම් ගියේ මේ මවගෙන් නොවනවත්වාම ඇසු ප්‍රශ්ණ තමන් ලියන්නට යන ලිපියේ කොටස් වලට අවැසිම දේවල් නොවන බවය.
තවත් අය කථා කළ යුතුව තිබුන නිසා මාධ්‍ය සාකච්ජාව මෙහෙය වු බ්‍රිටෝ ප්‍රනාන්දු පැහැදිලි කර සිටියේ මූලික අදහස් ඉදිරිපත් කිරිම් වලින් පසු ප්‍රශ්ණ ඇසිම සදහා මාධ්‍යවේදින් හට අවස්ථාව ලබාදෙන බවය.
එහෙත් මෙය නැසු කන්ව සිටි එක් මාධ්‍යවේදියෙක් විය.
ඔහු  චණ්ඩියෙකු මෙන් දිගින් දිගටම ප්‍රශ්ණ අසන්නට වුයේ  වලිකාමම්  උතුරු සභාපතිවරයා රජයේ ඊිනියා සංවර්ධනය ඉතා තියුණු ලෙසින් විවේචනය කරමින් කරන්නට යෙදුන අදහස් දැක්විමට පසුවය.
තවත් කථිකයන් දෙදෙනෙකු අදහස් දැක්විමට නියමිතව තිබුණ නිසා මේ මාධ්‍යවේදියා හට නැවතත් මෙම පුවත් සාකච්ජාවේ සංවිධායකයන් හට කලින් කි කරුණම කිමට සිදුවිය.
එහෙත් ඒ ඉල්ලිමට අවනත නොවු මේ මාධ්‍යවේදියා කිසිදු විනයක් නැතිව වලන් කඩේට පැන්න හරකෙකු මෙන් හැසිරුනේය.
පසුව මාධ්‍ය සාකච්ජාවේ සංවිධායකයන්ට සිදුවුයේ මේ  නොහික්මුන මාධ්‍යවේදියාට මාධ්‍ය සාකච්ජාවක පිළිපැදිය යුතු අවම විනය කොන්දේසි යළි යළිත් කියන්නටය.
එහෙත් ඔහු පවසා සිටියේ TNA එකෙකුට ඇවිත් මෙහෙ බයිලා කියල යන්න දෙන්න බෑ යනුවෙනි.
දැන් අපි ඇත්ත ප්‍රශ්ණය මෙතනින් පටන් ගනිමු.
අපේ රටේ මාධ්‍යවේදින්ගෙන් වෘත්තිය සදාචාරයවත් රකින අය ඇත්තේ කියෙන් කි දෙනාද ? විශේෂයෙන්ම සිංහල මාධ්‍යවේදින්ගෙන් අති බහුතරයක් දෙනා දෙමළ ප්‍රශ්ණය ගැන කථා කරද්දි  මාධ්‍යවේදියා වාෂ්පි වි ගොසින් ඔහු තුල වන සිංහලයා එලියට පනි.
ඉන් අනතුරුව එහි මාධ්‍යවේදියෙකු නැත . ඇත්තේ සිංහලයෙකු පමණි. මේ සිංහලයා සහ ගලබොඩ අත්තේ අතර කිසිදු වෙනසක් නැත.
අද සිදුවුයේදි එවැන්නකි.
මේ මාධ්‍යකරුවාට අද හමුවුයේ තමන් කැමැති දෙමළෙකු නොවේ.
මේ මාධ්‍යවේදියා කැමැති වුයේ මේ දෙමළා රාජපක්ෂ  ආණ්ඩුවේ සාදා ඇති පාරවල් ගැනත් වැල්ලවත්තේ සිට යාපනයට යන බස් ගාන ගැනත් යාපනයේ ආරම්භ කර ඇති බැංකු ගැනත් කියා මහරජාට ආවඩනු ඇතැයි කියාය.
එහෙත් මේ දෙමළා එසේ කිවේ නැත.
ඒනිසා ඔහු සියළු වැර යෙදුවේ  තමන් කැමති දේ නොකියන දෙමළෙුකුට ඇන්නවිම සදහා සිය මාධ්‍යවේදි අනන්‍යතාවය භාවිතා කරන්නටය.
එහෙත් මේ චණ්ඩිමාධ්‍යකාරයාගේ ගොන්පාට් අභියෝගය හමුවේ එඩිතරව සහ විශ්වාසයෙන් පිළිතුරු දුන් වලිකාමම් උතුරේ සභාපතිවරයා ටි.එන් ඒ මන්ත්‍රිවරයෙකු යැයි කියමින් අවලාද කියන්නට ද මේ මාධ්‍යවේදියා  පටන්ගත්තේය.
වලන්කඩේ හරකාෙග් භූමිකාව හමාර කරන්නට මෙහි සංවිධාකයන් කොන්ද කෙලින් තියාෙගන කටයුතු කරපු නිසා මේ මාධ්‍යකරුවා මාධ්‍ය සාකච්ජාව අතර මගදි නැගිට ගියේය.
ඒ නිකන්ම නොවේ මේ මාධ්‍ය සාකච්ජාව සංවිධානය කළ නිදහසේ වේදිකාෙව් සංවිධායකවරයෙකු හමුවට පැමිණ මහ හයියෙන්  තමන් ආරියරත්න රණබාහු යැයි   උම්බෑ කියමිනි.
තමන් අකැමැති දෙමළා ඉදිරියේ පසුගිය දශක 3 පුරාවටම අතිබහුතරයක් සිංහල මාධ්‍යවේදින්ගේ භුමිකාව නැවත වරක් රගදක්වා ඇත්තේ ලංකාදිප පුවත්පතේ ආරියරතන රණබාහුය.
ඔහු තවදුරටත් මේ වෘත්තියේ යෙදෙන නිසා අපට  ඔහුගේ පුවත්පතට කියන්නට එක දෙයක් ඇත.
උතුර අරභයා අපි කියන බොහෝ දේ ගැන සිංහල මාධ්‍යවේදින්ට රුසන්නේ නැත.එහෙත් ඔහු හැසිරිය යුත්තේ මාධ්‍යවේදියෙකු ලෙසය.
මේ නිසා The island පුවත් පතේ ෂමින්ද්‍ර පර්නැන්ඩු වැනි  වු මාධ්‍යවේදින් ලගට රණබාහුලා වැනි අය ව ටියුෂන් ගන්නට යවන ලෙසය.එවිට අපට බුද්ධිමත් මාධ්‍ය සාකච්ජා පැවැත්විම පහසු වනු ඇත.