දුන්ගාල්පිටිය පොලිසියෙන් සුජිත්ට මහරෑ ආපු කෝල් එක….

0
105

වෙරළ ඛාදනය නිසා වෙරළ සංරක්ෂනේ බලධාරින් විසින් ලිඛිතව දැනුම් දි තිබුන පරදි ඇතිවිය හැකි අවදානම් තත්වය සලකා සුජිත් සිය දරු පවුලද සමගින් මෝරවලේ සිය නිවසින් නික්ම යන්නේ 2019 වසරේදිය.

මෙසේ අවතැන් වුන සුජිත්ට ඉඩම් කැබැල්ලක් ලබාදිමට රජයේ බලධාරින් අවස්ථා කිපයකදිම වාචික පොරෝන්දු දි තිබුන අතර ඒවා ක්‍රියාත්මක කිරිමට සැබැවින්ම අවංක උත්සාහයක් දරා නොමැති බව දැන් ඉතා පැහැදිලිය.
මේ පසුබිම තුල ඉතා අසරණ තත්වයකට පත්වන සුජිත් මිගමු කලපුවේ කුඩා ගග අසල කුඩා පැල්පතක් අටවා ගනි.

ඒ තමන්ට රජය විසින් දෙන්නට පොරෝන්දු වි සිටි තැන ලැබෙන තෙක් තාවකාලිකවය.
මේ අතර මිගමුව දූව ප්‍රදේශයේ ධිවර සමිතියක් විසින් තොටුපලකට යැයි කියමින් සුජිත් පැල්කොටය අටවාගෙන සිටින තැන සංවර්ධනය කිරිමේ මෙහෙයුමකට අරඅදි.
ඒනිසා සුජිත්ව එතනින් එලවා දැමිමට මේ සමිතියේ ඇතැමුන් ක්‍රියාත්මක වෙති.
සුජිත්ට එරෙහිව ධිවර සමිතියේ මිල්ටන් නැමැත්තෙකු විසින් නඩුවක් දමන්නේ සුජිත් වෙරළ සිමා උල්ලංඝණය කරමින් අනවසර ඉදිකිරිම්ක් කර ඇතැයි කියමිනි.

මිගමුවේ ඉවත් නොකළ අනවසර ඉදිකිරිම් සිය ගණනක් ?

වෙරළ සංරක්ෂනයේ නිළධාරින්ද කඩියන් මෙන් උනන්දුවි සුජිත්ගේ මේ පැල්පතින් එලියට ඇද දැමිම සදහා මිල්ටන්ලාගේ පැමිණිල්ල වෙනුවෙන් කටයුතු කරයි.
මේ වෙරළ සංරක්ෂණ ලොක්කන් මේ පැල්පත කඩන්න දගලන්නේ තවත් අනවසර ඉදිකිරිම් 300 කට වඩා මිගමුවේ ඉවත් කිරිමට තිබියදිය.

කෙසේ වෙතත් අධිකරණය නියෝගය පැමිණ පිස්කල් අණ මතින් මේ පැල්පත් නාරසන පිහි අතට ගත් මිල්ටන්ලා විසින් කඩා දමනු ලැබේ.
කොරෝනා හේතුවෙන් සිය අදායම් මාර්ග පවා අහිමිව ගිය සුජිත්ට යන්නට තැනක් නැති නිසා කඩා දැමුන නිවස අසල කුඩාරමක් අටවාගෙන දිය දරුපැටව්න්ද සමගින් ගාල් වෙන්නේ අසරණකම නිසාමය.

දූව ග්‍රාමසේවකගේ ෆොටෝ එක ..



එහෙත් ඒ ගැන යලිත් වහා ක්‍රියාත්මක වන දුව ග්‍රාම නිළධාරිවරයා සුජිත්ලාගේ කුඩාරමේ පින්තුරුද රැගෙන අදාල අංශ වෙත දැනුම් දෙන්නට ඇත්තේ සුජිත්ලා තවමත් එතනින් ඉවක් නැති බව කියමින් විය යුතුය
දුන්ගාල්පිටිය පොලිසිය යළිත් ක්‍රියාත්මක වෙයි.
සුජිත්ව උසාවි ගෙන යන බව කියයි.
සුජිත්ට ඉඩමක් දිය යුතුව ඇත්තේ රජය විසිනි.
කෙසේ වෙතත් මිගමුව දේශපාලන අධිකාරිය මැදිහත්ව සුජිත්ට පොරෝන්දුවක් දෙනු ලබයි.

මසක් ඇතුලත සුජිත්ට ඉඩමක් දෙන බවට පොරෝන්දුවක් !

ඒ අනුව හිටපු ධිවර නියෝජ්‍ය ඇමත සරත් ගුණරත්න විසින් මසක් ඇතුලත සුජිත්ට ඉඩමක් ලබා දෙන බවට පොරෝන්දුවක් දෙයි.
ඒ අනුව සුජිත් සිය කුඩාරම ඉවත්කරගෙන යන්නට තැනක් සොයගන්නට වෙහෙසුනද තැනක් ලැබි තිබුනේ නැත.

දුන්ගාල්පිටිය පොලිසියේ මහරැ කෝල් එක ..

එබැවින් පෙබවාරි 2 වනදා උදෙන්ම මේ කුඩාරම කඩා ඉවත්කරගැනි සුදානමින් සිටියදි පෙබරවාරි 01 වෙනිදා රාත්‍රි 11.30 ට පමණ දුන්ගාල්පිටියේ පොලිසියේ නිළධාරියෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබේ.
සුජිත් සිය කුඩාරම ඉවත් කර ගෙන නැතැයි විමසන දුරකථන ඇමතුම දුන් නිළධාරියා හෙට උසාවි යන්නට ලෑස්ති වෙන්නට යැයි ද කියා තිබුණි.
එයට පිළිතුරු දෙමින් සුජිත් කියා තිබුනේ තාම යන්නට තැනක් හොයාගන්න බැරි වුනා සර් හෙට උදෙන්ම කොහාට හරි යනවා යැයි කියාය.
ඒ අනුව සුජිත් තවත් පැය කිපයකින් සිය කුඩාරම කඩාගෙන දරු පවුලද සමගින් තවත් තැනකට යායුතුව තිබේ.


සුජිත්ගේ කුඩාරම හැර තවත් අනවසර ඉදිකිරිම් මිගමුවේ තිබේද ?


ධිවර සමිති යැයි කියාගන්නා අයත් පොලිසියත් වෙරළ සංරක්ෂණය ඇතුලු අනෙකුත් රාජ්‍ය ආයතනත් කලපුව අසල පැල්පතක් අටවා ගත්තේ යැයි කියා මේසේ පලිගන්නේ මිගමුව තුල සිය ගණනක් දැවැන්ත අනවසර ඉදි කිරිම් තිබියදිය.
එබැවින් හෙටින් පටන්ගන්නා දවසේ අපට පොලිසියට මෙන්ම වෙරළ සංරක්ෂණයද ඇතුලු අනෙකකුත් සියලු දෙනාවට මතක් කළ යුතුව ඇත්තේ සුජිත් ගේ පැල ඉවත් කිරිමට තිබුන උනන්දුවෙන්ම මිගමුවේ අනෙකුත් අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමටද කටයුතු කරන්නට පියවර ගන්නා ලෙසය.
අපි ඒ දෙස මහත් ඕනැකමින් බලා සිටින බවද දන්වනු කැමැත්තෙමු