මාර්තු 15 වෙනිදා රාත්‍රි 9.30ට මගේ ජංගම දුරකථනයට පැමිණ තිබු SMS පණිවිඩයක සටහන් ව තිබුනේ කුරණ අනාරක්ෂිත දුම්රිය හරස් මගකදි මෝටර් රථයක් දුම්රියක ගැටිෙමන් එක් අයෙක් මිය ගොස් ඇති බවය.
පසුව මේ පුවත ගැන මගේ තවත් හිතවතෙකුගෙන් විමසා කුරණට ගියද දුම්රියේ ගැටුන මෝටර් රථය එහි නොවිය.
පසුදා සවස මට ලැබුණේ අදහා ගත නොහැකි පණිවිඩයකි.එයට අනුව දුම්රිය අනතුරෙන් කලින් දා මියගොස් ඇත්තේ මීට වසර ගණනකට ඉහතදි මීගමුවේදිම දුම්රියට බිලි වු අපේ ලඟම මිතුරෙකුගේ මවකි.
පසුගිය ජනවාරි මස එක්තරා දිනකදි ඇය විසින් පුතු ගැන ලියු කවියක්ද අතැතිව අපේ කාර්යාලය සොයා ශාන්ත ජෝශප් විදියේ සැරි සරා පසුව කාගෙන් හෝ ඉල්ලා ගත් මගේ දුරකථන අංකයට මේ කවිය ගැන පණිවිඩය තැබුවාය.
පසුව මම ඇය නැවති සිටි රද්දොළුවේ නිවසට ගොස් ඇගේ කවිය ගෙන විත් අපේ වෙබ් අඩවියේත් පුවත් පතෙත් පළ කළෙමි.
ජනවාරි 17 වනදා ට යෙදුන ප්‍රියන්තගේ උපන් දිනය දා දවල් මා හට දුරකථන ඇමතුමක් ලබාදුන් ඇය ප්‍රියන්තගේ උපන් දිනය වෙනුවෙන් දවල් කෑමට කෙසේ හෝ පැමිණෙන ලෙසින් අයැද සිටියාය.කාර්ය බහුල දිනයක් වුවත් අැෙග් ඉල්ලිම පිළිගත්තද මට එහි යන්නට වුයේ සවස් යාමයේදිය.
ඒ අපගේ අවසන් හමුව වේ යැයි අපි කිසිවෙකුත් නොසිතුවද අද එය සිදුව තිබේ.
අද සිටියා නම් මීගමුව පමණක් නොව රටම බබළවන්නට හැකි කලා හැකියාවන් රැසකින් පිරිපුන් අපගේ සහෘදයා ……ගැන ඇය ලියු කව යළිත් මෙහි පළකරන්ෙනමි.
වේදිකාව එලියක් කළ ඔබ
මිනිසුන් අතරේ කිරුලක් වු ඔබ
දෙමාපියන් අතරට සෙනෙහසක් වු ඔබ
අද කොහෙද පුතුණුවනේ
ජීවිතයෙන් ජයගන්නට
දහසක් වෙර දැරූ ඔබ
සිතුම් පැතුම් පොදි බැඳගෙන සිටි
ඔබගේ දිවි යකඩ යකා රැගෙන ගියාදෝ
මුව පුරා පිරුණු පින්බර සිනාව
ආවේශ කරගත් රළුුවු හඩ
ජීවිතය පුරා මගේ මතකයේ සදා රැදේවි
සොහොයුරු සොහොයුරන් අතර සිටියදි ඔබ
විහිළු කථාවෙන් සතුට ගෙන දුන් ඔබ
යහළු යෙහෙළියන් අතරෙදි ඔබ
ඒ අයව දැනුවත් කළාවු ඔබ
අද කොහෙද පුතුණුවනේ
මගේ අන්තිම හුස්ම තිබෙන තුරු
ඔබ කොහේ හිටියත් නිවසට එන විට
අම්මා කියන්නාවු කටහඩ මා දෙසවන සදා රැදේවි.