දුම්රියෙන් තල්ලු කිරීම නිසා රාගමදී පුද්ගලයෙකු මරුට

0
56

10750733626_2d2ce14743_b

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ගමන්ගන්නා දුම්රියේ ගමන්ගත් පුද්ගලයෙකු රාගම ප්‍රදේශයේදී දුම්රියෙන් තල්ලුකිරීම නිසා සිදුවූ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මේ පුද්ගලයා දුම්රියෙන් තල්ලු කර පුද්ගලයා මේ වන විට රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා විසින් මියගිය පුද්ගලයා තල්ලු කර ඇත්තේ ඔහුන් දෙදෙනා අතර ඇතිවූ රණ්ඩුවක් හේතුවෙන් බවයි වාර්ථා වන්නේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය  හදුනාගැනීමට මේ වන තෙක් හැකිවී නොමැති අතර එම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද දිනයේදී ජාතික රෝහලේදී සිදුවීමට නියමිත අතර රාගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.