පරිස් මන්ත්‍රිට ලක්ෂ ගණන් ගෙවු වෙළෙන්දෝ අනාථයි ?

0
118

මීගමුව මහනගර සභාව විසින් තාවකාලික කඩ 25 ක් සැදිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩමක් ලබාගත්තේ මාස 6 කින් යළි ලබාදෙන පොරොන්දුව මතය.එහෙත් මේ කඩ සෙල්ලම ජාවාරමක් බවට පත් කරගත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් පිරිසක් ලක්ෂ ගණන් අය කරමින් මේ භුමියේ කඩ 50 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකරගැනිමට ඉඩ ලබාදි තිබුණි.
මේ ජාවාරම භාරව සිටියේ  පරිස් නමැති නාගරික මන්ත්‍රිවරයා විසිනි.පසුගිය කාලය තුල නගර සභාවේ සිය මන්ත්‍රිධුරය යොදාගනිමින් විවිධ ජාවාරම් වලට සම්බන්ධ වු මේ  මන්ත්‍රිවරයා ඒ අංශයෙන් වේගයෙන් ඉදිරියට පැමිණමින් සිටින්නෙක් බවට පත්ෙවමින් තිබේ.
මෙම ඉඩම තාවකාලික පදනමකින් ලබාගැනිමේදි නගරාධිපතිවරයා විසින්ම ඉදිරිපත් කර තිබු ප්‍රධාන කොන්දේසි ගණනාවක්ම කඩකර තිබුනේ කිසිදු හිරිකිතයකින් තොරවය.තාවකාලික කිසිදු කඩයකට විදුලිය ලබාගැනිමට ඉඩක් නැති වුවද මේ කඩ සියල්ලට විදුලිය ලැබෙන්නේ නගරාධිපතිගේ අන්‍රග්‍රහය යටතේය.
එබැවින් මෙම ජාවාරම නගරාධිපති ඇන්ටන් ජයවිරගේ සහ පරිස්ගේ හවුල් ව්‍යාපාරයක් වැනිය.
මේ වැඩපිළිවෙලේ ඇති අක්‍රමිකතා පිළිබදව මහ සභාවේ අවධානය යොමු කරනු පිණිස හිටපු විපක්ෂ නායක ෙරායිස් විජිත මන්ත්‍රිවරයා විසින් මහ සභාවට මේ ගැන යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළ අවස්ථාවේදි නගරාධිපතිගේ උපදෙස් පරිදි පරිපාලන අධිකාරිය විසින් එය වලකා තිබුණි.
දැන් වාර්ථා වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ ඉඩම යළිත් තමන් වෙත පවරා දෙන ලෙසින් ඉල්ලා ඇති බවය.
මේ නිසාම පරිස් මන්ත්‍රිවරයා මේ දිනවල දුව පනින්නේ මෙහි කාලය තවත් දිග් කර ගැනිමටය.ලක්ෂ ගණන් ගෙවු වෙළෙන්දෝ අන්දමන්දව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here