දුෂිත බන්ධනාගාර අධිකාරි සම්පායෝ උසාවි ගෙන ඒම වාර්ථා කිරිමට ගිය මීගමු මාධ්‍යවේදින්ට පොලිසියෙන් තහනමක්?

0
117

IMG-20200729-WA0025IMG-20200729-WA0020IMG-20200729-WA0022රටේම පුවත් මැවු මිගමුවේ දුෂිත බන්ධනාගාර අධිකාරි සම්පායෝ  අද මිගමුව උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය. මෙම සිදුවිම වාර්ථා කිරිමට එහි ගිය මාධ්‍යවේදින්ට පොලිසිය විසින් දන්වා තිබුනේ අද ඒ සදහා උසාවිය භුමියට ඇතුලු විමට අවසර දිය නොහැකි බවය.
පසුගිය කාලය තුල මිටත් වඩා බරපතල සිදුවිම් වාර්ථා කිරිමට උසාවි භුමියට යන්නට අවසර දි තිබියදි මෙම සිදුවිමට පමණක් ඇයි වාරණයක් යැයි මාධ්‍යවේදින් මෙහිදි පෙරළා ප්‍රශ්ණ කොට තිබේ.
මිගමුව හිටපු බන්ධනගාර අධිකාරි සම්පායෝ රටේ කුප්‍රකට දේශපාලන චරිතයක්වු ඇමති ජොන්ස්ටන්ගේ සමිප හිතවතෙකු බවද වාර්ථා වේ. මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් ඩොසර් කිරිමට චෝදනා ලැබ සිටින කුරුණෑගල නගරාධිපතිගේ මයිල් ගහකටවත් අත තියන්නට ඉඩ දෙන්නේ නැතැයි කිවේද ඇමති ජොනිමය.
දැන් සම්පායෝගේ මයිල් ගහක් වත් පින්තූරයට නැගිමට අවසර නැත්තේද මේ ජොනිගේම හයිය නිසා විය යුතුය.
කෙසේ වෙතත් සම්පයෝ උසාවි එන මොහොත රටටම පෙන්වන්නට මිගමුවේ මාධ්‍යවේදින්  කිනම් දුෂ්කතරා මැද වුවද සුදානම් වෙමින් සිටිති.